Sunday, January 27, 2013

රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ



උතුම් බුදු රුවනේ - ලොව්තුරු ද
හම් සරණේ
සමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ
ආ...........................

සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන
සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන
ආ...........................

ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කර
දර ව්‍යසන
සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට
සිත සංසුන් කරවගන්ට

සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන
දොන්ත ගුගුඳ ගති ගුඳගත් - අණබෙර පතුරුවා හරින
අණබෙර පතුරුවා හරින

කොයි දේසෙක හිටපු රජෙ
ක් දෝ
මොන කාලෙක හිටපු රජෙක් දෝ

ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට
මෙහෙම රජුන් කොයි දේසෙත් 
ඉන්නවා අදට
ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට

රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළු
 කාරයෝ
පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණ
ත් මොකද
රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද
රජා හිනාගන්නන එක ලේසි වැ
ඩක්ද
අන්දරේව ඕන උනේ ඒ නිසාවද

එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට
අන්දරේලා ගොඩක් වෙච්චි රජා ව
ටේට 

රජවරුන්ට ප්‍රශ්න වැඩී
එන්ට එන්ට ඔළු
ව බරයි
ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්
අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට

අන්දරේලා.................
...

නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)

https://www.box.com/s/p02yfio900jsmd393yjy

2 comments:

  1. හෙට (ජනවාරි 28) අන්දරේලා සංශෝධනය කරනවානේ.

    ReplyDelete
  2. ජයලත් මනෝරත්නලාගේ වටිනාකම ඒකයි...

    ReplyDelete