Thursday, February 14, 2013

රනිල්, සජිත්, රවි,අනුර , කුමාර්, සිරස හා ඊ නිව්ස්



රනිල් වික්‍රමසිංහ සමග මොකක්දෝ කෝන්තරයක් හදාගත් කිලී මහරාජා තම සිරස මාධ්‍ය ජාලය මගින් රනිල්ට දිගට හරහට පමණක් නොව උසට හා පලලටත් පහර දුන්නේ මාධ්‍ය කලාවේ සියලු සදාචාර ධර්මයන් අමු අමුවේ  කෙලසමින් රනිල්ගේ විරුද්ධවාදින්ට පවා පිලිකුල් සිතෙන පරිදිය.

එවිට රනිල්ගේ ආරක්ෂකයා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ,මානව හිමිකම් ආදි එකී නොකී බොහෝ දේ වෙනුවෙන් පෙනී සිටින බව කියමින් , තම දිවි නොතකා ආණ්ඩුවේ ඒකාධිපතිවාදයට එරෙහිව සටන් වදින බව පෙන්වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි.

ඊ නිව්ස් අඩවිය රනිල් ආරක්ෂා කරමින් සජිත් ප්‍රේමදාසට පහර දීමටද එකල  අමතක නොකලේය.

අද එනම් 2013.02.13 දින ඊ නිව්ස් හි පලවූ ප්‍රවෘත්තිඅකින් එජාපයේ නියෝජ්‍ය නායක තනතුරු හතරක් ඇති කිරීම ගැන රනිල්ට දෙහි කපා තිබුනි.ඔවුන්ගේ මූලිකව කියා තිබුනේ සිරිකොතට ගල් ගැසූ සජිත්ට නියෝජ්‍ය නායක කමක් නොදී ඒ අවස්ථාවේ පක්ෂය  ආරක්ෂා කල රවී කරුණානායකට එම තනතුර දිය යුතු බවයි.

නමුත් මීට වසර කිහිපයකට පෙර ඊ නිව්ස් සිටියේ සජිත්ට පක්ෂපාති මතයකය.

එසේ නම් මේ වෙනස කුමක්ද?

පිලිතුර ඉතා සරලය.

ඊ නිව්ස් ගිනි තැබූ අවස්ථාවේ පෙරට අවුත් ආධාර කලේ රවී කරුණානයක වීම ඊට හේතුවයි.

මේ මාධ්‍ය හා මාධ්‍යකරුවන් කොපමණ ලාභ දැයි සිතා බලන්න.

සටහන- ජවිපෙ දෙකඩ වීමෙන් පසු ඊ නිව්ස් දිගින් දිගටම ජවිපෙ ආරක්ෂා කරමින් ජවිපෙන් කැඩී ගිය කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙර‍ටුගාමින්ට පහර දෙන්නේ ඇයිදැයි ඔබට සිතා ගත හැකිද?



7 comments:

  1. ඇත්තෙන්ම සිරස කියනුයේ අද අප රටේ දේශපාලනය මෙහෙයවන තවත් එක ප්‍රධාන නාලිකාවක්. මා තවත් එකක් කියා කියනුයේ අනිත් ඒවාද කිසියම් අඩු-වැඩි සහිතව නියැලෙන බැවිනි. විශේෂයෙන්ම රාජ්‍ය වාහිනී කැපී පෙනන පරිදි පාලන පංතියේ භූමිකාව රඟ දක්වනවා. ඉ-නිවුස් කාර්යාලය ගිනි තබනුයේ ද අදා පාර්ශවයන් වෙනුවෙන් පෙනී නොසිටීම හේතුවෙනි. ශ්‍රී ලංකාවේ පාලන පංතිය සත්‍ය ජනතාවාදී වනවානම්, මාධ්‍යය ද ස්වයංව ජනතාවාදී ව දිශාවට කිසියම් සීමාවක් දක්වා තල්ලු වේවි.

    ReplyDelete
  2. අෙන් බං උඹ දන්න මගුල මට ෙපන්ෙන් රනිල් හරි සජිත් හරි උඹට ෙමානවා හරි දිලා වෙග්. ලංකාෙව් ඉන්න ෙමාඩ චුන් එවුන්ට කෙඩ යන්න එපා එෙකන් ෙවන්ෙන් උඹ ෙනාන්ඩි ෙවන එකයි.

    ReplyDelete
  3. උඹ හරි කනාමැදිරියෝ, මේ මාධ්‍ය එකක්වත් ජනතාවට ඇත්ත දෙන්නේ නැහැ. එක්කෝ මාධ්‍ය ආයතනයේ හිමිකාරයාට ඕනෑ දේ. එහෙම නැත්නම් තමන්ට සල්ලි දෙන එකාට ඕනෑ දේ තමා උන් අපිට විකුනන්නේ.

    ReplyDelete
  4. උඹ හරි මට නම් පුංචි ප්‍රේමදාසගේ වැඩේ ගැන අවුලක් තිබුනත්, එයා තමයි මීළඟ නායකත්වය. නමුත් එයයි මහින්දයි ඉල්ලුවොත් මම දෙන්නේ මහින්දට..

    ReplyDelete
  5. ඉතා හොද විශ්ලේශනාත්මක උපකල්පනයක්...ඒව කඩේ යාම් නෙමේ....

    ReplyDelete
  6. ම්මේච්චර ජඩ දේශපලනෙකින් නම් ගොඩ යන්න බැහැ .
    මහින්ද ඇර වෙන කෙනෙක් ආවොත් අනිවා වරායයි ,
    එයාර් පෝර්ට් එකයි වහයි..

    ඔන්න ඔහොමයි අපේ වැඩ ..

    ReplyDelete