Friday, February 8, 2013

සදාචාරය, විනය, සංයමය, සංවර භාවය බ්ලා බ්ලා බ්ලා


සදාචාරය, විනය,හැදියාව,සංවර භාවය ආදිය ගුණාංග ගැන රටේ පාලකයින් මෙරට ජනතාවට නිතර දෙවේලේ උපදෙස් දෙති. විශේෂයෙන්ම පාසල් වල, දහම් පාසල් වල පවත්වන උත්සව වලට ගිය විට දී  මේ දේශපාලු උපදෙස් ඒවායේ සිසුන්ට නොවැරදීම ලැබෙයි.


එසේ ජනතාවට උපදෙස් දෙන දේශපාලුවන්ගේ හැසිරෙන නිර්ලජ්ජි විලාසය  කෙසේද යන්නටත් , තමන්ගේ එම හැසිරීම ගැන ඔවුන් දරන ආකල්පයත් පිලිබඳ අපූරු උදාහරණයක් පසු ගිය ඉරිදාවක ඉරිදා ලංකාදීපයේ දේශපාලන ඕපදූප තීරයේ පල වී තිබිනි.

සති අන්ත සෑම පුවත් පතකම පාහේ පලවන මේ දේශපාලන ඕප දූප ලිපි වල පල වන්නේ යම් යම් දේශපාලන පක්ෂ හා සංවිධාන  වල අභ්‍යන්තර සාකච්ඡාය. මේ ඕපදූප වලින් හෙලි කරන තොරතුරු පුවත් පත් කරුවන් අපිට ඇඟවීමට උත්සාහ කරන පරිදි ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙයුම් වල ප්‍රථිපල නොව සැබවින්ම එම දේශපාලන සංවිධාන මගින්ම පුවත් පත් වෙත ලබා දෙන තොරතුරුය. කෙටියෙන් කිවහොත් තම සංවිධානය ගැන ,එහි සාකච්ඡා කල දේ ගැන ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය යැයි ඔවුන් සිතන දේ ය.

පසුගිය දා දෝෂාභියෝග සිද්ධියේදී මහාචාර්ය රජීව විජේසිංහගේ භූමිකාව ගැන ලංකාදීප ඕපදූප තීරයේ සටහන් දෙකක්ම යොදා තිබුනේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මේ ගැන සාකච්ඡා කරද්දී " ශ්‍රිලනිපයෙන් මන්ත්‍රි කෙනෙක් වූ රජීවට පක්ෂයේ තීරණයට පිටින් යාමට සදාචාරමය අයිතියක් නැතැයි කිය වූ බව එක් තැනෙක සටහන් තිබිණි. එම සදාචාරය ගැන කථා කරන තමන්  විපක්ෂ මන්ත්‍රීන් තොග ගනනේ  බිලි බා ගත්  ආණ්ඩුවක සාමාජිකයන් බව අමතක වී තිබිණි.

ලංකාදීප පුවත්පත වාර්තා කරන පරිදි වඩාත්ම සදාචාරසම්පන්න කතාබහ ඇති වී තිබුනේ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා ‍රැස්වීමේදීය.

එහිදී කතා කල විජිත් විජමුනි ඇමතිවරයා පැවසූයේ රජීව විජේසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රකාශයක් කල හොත් කොල්ලන්ගෙන් හම්බ වෙයි යනුවෙන් තමා රජීවට කියු බවයි. එසේම පාර්ලිමේන්තුවෙන් එලියේ දී ප්‍රකාශයක් කලහොත් ඒකත් බලාගන්න බවයි. මේ කොල්ලන් යනු නාමල් බේබි වටේ සැට් වී සිටින මන්ත්‍රී කොල්ලන්ය.

මේ අපූරු සදාචාරත්මක ප්‍රකාශය සොයිසා ඇමති කර ඇත්තේ ජනාධිපතිවරයාත් ඉදිරිපිටය.

ඉතින් අපේ ගරු ජනාධිපති තුමා මේ ගැන කුමක් කියා තිබේද? මේ මැර ප්‍රකාශ ගැන විරුද්ධ වී එසේ කිරීම හොඳ නැති  බවත් , සැම කෙනෙකුටම නිදහසේ අදහස්  ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති  බවත් "කොල්ලන්ට " කියා දී ඇත්ද?

නැත. ඔහු කියා ඇත්තේ රජීව පත් කිරීම ගැන මට දොස් අහන්න වෙලා යනුවෙනි.එනම් ආණ්ඩුවට විරුද්ධව කතා කරන විට කොල්ලන්ගෙන් හම්බ වීම ගැන ඔහුට කිසිම ප්‍රශ්නයක් නැත.

එපමණක් නොව ආණ්ඩුවට විරුද්ධව කතා කරන අයට කොල්ලන්ගේ එසේ හම්බ වෙන බව ජනතාවට ප්‍රසිද්ධ කිරීමටද ඔවුන්ට අවශ්‍යය. මේ කතා ඕප දූප තීරවලට එන්නේ එම නිසාය.

එසේ නැතිව ,ජනාධිපතිවරයාත් සම්බන්ධ මෙවන් කථා පුවත් පත් වල පල වෙන්නේ නැත.

සදාචාරය, විනය, සංයමය, සංවර භාවය බ්ලා බ්ලා බ්ලා





5 comments:

  1. සදාචාරය, විනය, සංයමය, සංවර භාවය බ්ලා බ්ලා බ්ලා
    ඔබ බ්ලා වචනය කියන විට මට මතකයට නැගෙනුයේ අපගේ ආචාරය්‍යවරයෙක් ද ඉගැන්වීමේදී මෙවැනි වචන ඉදහිට භාවිත කළා.

    ඔබ කියන තත්ත්වය අද ඊයේ ඇතිවූවක් නොව. මේ රටේ දේශපාලනයේ නිරන්තරයෙන් දැක්ක දෙයකි. වෙනසකට ඇත්තේ කාලයත් සමඟ එකී පරිහානීය වැඩිවූවා මිකස අඩු නොවීමයි. එමෙන්ම මෙම දේශපාලන පරිහානිය සමාජයතුල ද සමාන්‍යකරණය වීම අතිශය සෝචනීයයි.

    ReplyDelete
    Replies
    1. සදාචාරය නො‍රැකීම දේශපාලුවන්ගේ සාමන්‍ය ලක්ෂනයක් වුවත් මොවුන්ගේ ඇති විශේෂත්වය නම් තමන් සදාචාරය තුට්‍ටුවකට නොසලකන බව ප්‍රසිද්ධියේ කියා පෑමයි. මා පෙන්වා දීමට උත්සාහ කලේ එයයි

      Delete
  2. machan eka welawakata sadacharaya maha ihalin
    ( wipakshe waradi hoyaddi)

    thawa welawakata mona magulakwath naha
    ( anduwe redi galawila heluwen yaddi )

    deyyo kiyalawath un jathiyak nadda ban?????????
    ( nathnam untath pagawa deelada ? )

    ReplyDelete
    Replies
    1. දෙය්යෝ කියලා ජාතියක් ඉන්නවා බං. ඒත් උන් ගිහින් අරලිය මන්දිරේට දෑත ශක්තිමත් කරන්න.

      Delete