Saturday, July 13, 2013

කෝ බොලව් මුං


ලෝකේ හොඳම සෞඛ්‍ය සේවාව තියෙන රට වන ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය එහි සෞඛ්‍ය බලධාරින්ගේ අප්‍රතිහත ධෛර්ය හා කැප වීම නිසා තුරන් කර දමා ඇති  මේ වගේ වෙලාවක ආණ්ඩුවේ හැම දේටම විරුද්ධ වන මම මගේ ඇති කුප්ප කමට ඩෙංගු රෝගය හදා ගත්තේ ආණ්ඩුවට රිදවන්නටමය.

ඩෙංගු හදාගෙන ආන්ඩුවට රිද්දන්නට ගොස් හොඳටම කෙලවා ගත් මම යම්තම් නොමැරී පණ බේරාගෙන ආපහු ආවත් තාම ඉතින් ලෙඩා දුකාය.බැරි බැරි ගාතේ එලියට ඇවිත් ගෙදර ලොයි බංකුව උඩ වාඩි වී වට පිට බලමින් හිටින විට මගේ ලෙඩ මොලේට එකපාරටම තේරුම් ගියේ අවට වටපිටාව ,මුලු පරිසරයම මහාම පුදුමාකාර විදියට නිස්සබ්ද බවයි.

මම අසනීප වී ඇඳට වැ‍ටුන කාලේ මුලු වටපිටාවම මහා ගෝසාවකින් පිරී තිබුනා වගේ යාම්තමට  මතකය.

"ඉඩම් පොලිස් දෙන්නෙම නෑ, දහතුන අපිට එපා , ඕක අපේ ඇඟේ බලෙන් ගහපු එකක්,මේක අපේ රට , ඉන්දියාවට ඕනෑ විදියට අපි නටන්නේ නෑ "  වගේ සද්ද බද්ද ඒ කාලේ කන් පිරෙන්නටම තිබුනේය. 

මොකෝ ආච්චියේ මේ කිසි සද්දයක් නැත්තේ? මට තේ කෝප්පෙකුත් හදාගෙන ආපු අපේ ආච්චිගෙන් ඇහුවෙමි.

" මෙනන් , කොලුවෝ, මෙනන්" කියාගෙනම ආච්චි ගේ ඇතුලට රිංගා ගත්තේ මට ප්‍රශ්නයක්වත් අහන්නට ඉඩ නොදීය.

මේ මොන අන්ඩර දෙමලයක්දැයි  කල්පනා කර කර උන්නු මට ආයේම සිහි උනේ   " දහතුන වෙනස් නොකොලොත් ආන්ඩුවෙන් යනවා " වගේ කතා කිය කිය හිටපු වීරවංශලා චම්පිකලා කොහේ ඉන්නවදැයි කියාය.

අක්කාගේ හීන් එකා මොන්ටිසෝරි ඇරී ගෙදර ආවේ ඔය වෙලාවේය.උගේ අතේ බිත්තර කට්ටක්ය.

"මොකද පුතේ ඔය අතේ බිත්තර කට්ටක් ?"  මම හීන් එකාගෙන් ඇහුවෙමි.

" මම මේ වීරවංශ මාමා  මේක ඇතුලෙවත් හැංගිලා ඉන්නවද කියලා බැලුවා මාමේ,  සිස්සත්තේ පාස් වුනාම ගෙයක් ඉල්ලගන්ට"  ඌ කිව්වේය. 
 මේ මඤ්ඤං කතා අසා මගේ ඔලුව මඤ්ඤං වීම නිසා නැවතත් මම ඇඳේය.



10 comments:

  1. කළාමැදිරියාට ඉක්මන් සුව පතමි.

    මේදවස්වල ප්‍රවෟත්ති බලන එකයි බ්ලොග් බලන එකයිනම් කොහෙත්ම ලෙඩේට හොද නැත. අනිවා ඩෙපා ලෙඩේ දෙක වෙනවාය.

    සම්පුර්ණයෙන් සුවවී ලියන මගුලක් ලිවීම ඔයාටත් හොදය බලන අපිටත් හොදය!

    ReplyDelete
  2. දැක්කද ඊයේ විමල් සජිත්ට දේශපාලනේ ගැන උගන්නන්න ගියා...?

    ReplyDelete
  3. මේවාගැන කතා කර අවසානයට අපිටත් ලෙඩ වෙන්න තමයි වෙන්නේ. නැතිනම් ලෙඩක් වැටේවි. ඒත් මේ සමාජ යුතුකමක් ලෙස සිතනවා.

    ReplyDelete
  4. අර උඩ ඇනෝ කියලා තියෙන එකම තමයි කියන්න වෙන්නේ මටත්....

    ReplyDelete
  5. ආයෙත් එක විකට් එකෙන් ඉන්දියාවට පැරදුනා නේ, ඒකයි !

    ReplyDelete
  6. ඇත්තටම කණාමැදිරියා අසනීපෙන්ද? ඉක්මන් සුව පතමි. ඩෙංගුනම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙයං මචං. වෙහෙස වෙන එක හොදම නෑ. දෙවන වර මතුවුණොත් අමාරුවෙනවා. අපේ එහෙකුට වුණා.

    ReplyDelete
  7. දේශප්‍රේමින් ඔක්කෝටම එකයි දුන්නේ... ඉන්දියාවෙන්.. දැන් ඔක්කොම පුකෙන් යන්නේ.. ජේ ආරු ළිකු නොවුනු ඉන්දියාවට එම් ආර් කව්ද...?

    ReplyDelete
  8. සිරිසේනටම අයිති පොලොන්නරුව රෝහලත් ඩෙංගු තවානක් වී ඇති කලට කුමක් සිතම්ද වෙන ??

    ReplyDelete
  9. කෝ බොලව් me liyapu kenaa??

    ReplyDelete