Tuesday, August 13, 2013

තුන උගුරේ හිර වීම



විමල් වීරවංශ කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ දේශපෙරේමි, ජාති හිතේසී උත්තමයාය. අද ලංකාව පාලනය කොරන ඒ ජාතියේම දේශපෙරේමි, ජාති හිතේසී ආන්ඩුවේ අංක එකේ ආරක්ෂකයාය. එතුමා නැත්නම් ,මේ ආන්ඩුව මෙලහකටත් නැත. විපක්සේ කිරියා කාරිකයකුට අදෝවාතයක් ගියත් ඒකේ බටහිර කුමන්ත්‍රනයක් හොයා ගන්ට උන්නැහේ හරිම දස්සය. මේ කාරියේදී උන්නැහේගේ සහයට ඩැනීලා වශයෙන් ගූ. අමරසේකර හා වස. බංඩාර මහත්තුරු සිටිති.  කවුරුන් හෝ මිනිස්සු තුන් දෙනෙක් එකට සිටියොත්  උන් අරාබි වසන්තයක් හදන්ට යනවා යැයි දිවයින පත්තරේටත් සී නිව්ස් එකටත් ලියන්නේ ඔය දෙපැත්තෙන් ඉන්න දෙන්නාය.

පහුගිය කාලයේ වෙලඳ කලාපේ විශ්‍රාම වැ‍ටුප් ප්‍රශ්නේ. ධීවර සටන, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන්, අග විනිසුරු ප්‍රශ්නේ වගේ හැම එකකදිම මේ රජ තුන් කට්‍ටුව ඉස්සරහට ආවේ " එකෙක් අපේ ආණ්ඩුවට අත තිබ්බොත්, චටස් පටස් ඩිෂුම් ඩිෂුම් "  කියාගෙන. 
ඒ විතරක් නෙවේ, ආණ්ඩුව බඩු මිල වැඩි කරන කොට, සහනාධාර කපන කොට ඒවා වහන්ට මොකක් හරි  මල සමයක් කරන්නේත් මේ කට්ටියම තමා. එක්කෝ ලෙමන් වර්ගේ  උපවාසයක්, පාගමන් , පොර ටෝක් දීම් මොනවා හරි කරලා ජනතා අවධානේ වෙන පැත්තකට  හරවනවා. ( ජනතාවත් ඉන්නේ ඉතින් අනේ අපි වෙන පැත්තකට හරවන්නකෝ කියපු ගමන් නේ.) 

එහෙව් වීරෝධාර වීරවංශ තුමා පහු ගියදා රතුපස්වල ඩයස්පෝරාවාදි  , කොටි හිතවාදි ,අධිරාජ්‍ය ගැති ජනතාව , දේශප්‍රේමි බටයන්ගේ දේශප්‍රේමි තුවක්කු උදුරගෙන තමන්ටම වෙඩි තියා ගැනීම ගැන වචනයක්වත් කිව්වේ නැත. මුක පූට්‍ටු වෙලා වගේය. 

මේ ගැන හොයා බලන විට මගේ මිත්‍රයෙක් කිව්වේ එතුමාගේ උගුරේ තුන හිර වෙලා කියලාය.එතුමා මේ දවස් වල සද්ද වහලා ඉන්නේ ඒකය .

සටහන-  අනම් මනම් හිතන්ට ඕනෑ නැත. හිර වී තිබෙන්නේ දහතුනේ තුන මිසක් වෙන තුනක් නොවේය. ඒක හිර වුනේ ඉන්දියාවේ ආරක්ෂක උපදේශකයා ලංකාවට ඇවිත් ගියාට පස්සේය.

3 comments:

  1. අර පියසිරි විජේනායකයා ඔය පැත්තෙනේ.. ඌ කියන්න ඇති සද්දේ වහලා ඉන්නෙයි කියලා. ගිය සැරේ චන්දෙට මිනියකුත් මරලා ආතල් එකේ ඉන්න එකෙක් නේ...

    ReplyDelete
  2. කට අරියි එහෙනම් අපිට ආදරේට මේන් කියලා !!!

    ReplyDelete
  3. විමලයාට හිරවී ඇත්තේ දහතුනේ තුන නොව මහතැනගේ තුනය.ඔය තුන හුරතල් කරනවා හැරෙන්න විමලයාට වෙන ඇති වැඩකුත් නැත

    ReplyDelete