Thursday, August 8, 2013

කවදා පායන්ද අප දිනිසුරාණෝ


කවදා පායන්ද අප දිනිසුරාණෝ
කොම්පැනි වලට යට නොවෙනා සඳානෝ
ඇසිඩ් ජලය නොපොවන  ජලකඳානෝ
පිරිසිදු ජලය බෙදනා මහරජානෝ

කවදා පෑව්වත් අප දිනිසුරානෝ
කොම්පැනි වලම එල්ලුන ඒ සඳානෝ
ඇසිඩ් ජලය පොවනා ජලකඳානෝ
ජල බිඳුවටත් වෙඩි තැබු මහ රජානෝ

9 comments:

  1. රට ගොඩ ගත්ත සොල්දාදුවා මැරිම තමයි වෙලා තියෙන්නේ මේකෙන්. දැන් ඔවුනගේ ගෞරවය හීන වෙලා යන තැනට පත් කරලා. ඒ මදිවට ගැටලුවට විසඳුමක් ලැබුනෙත් නෑ.

    ReplyDelete
  2. නැවතත් ඒ ද ඒ මහ කිවිසුරාණෝ
    ගේය පදෙන් අප සැනසූ රජාණෝ
    විරෝධාකල්ප ගී උල්පතාණෝ
    ඔඩොක්කුවෙද අද ඒ මහැදුරාණෝ

    නැවතත් ගයාවිද ඒ රන් කිරීල්ලී
    සත්‍යයෙ ගීත පවනේ ගැයු කිරීල්ලී
    විරෝධාකල්ප ගී ගැයු කිරිල්ලී
    ඔඩොක්කුවෙද අද ඒ ගොළු කිරිල්ලී

    ReplyDelete
    Replies
    1. තනුකාරයා ගැන කියන්නැත්ද..

      Delete
    2. නියමයි කකා, නිර්මාණාත්මකයි

      Delete
    3. ඇත්තටම... කකා ගේ කවි දෙක ඇහුනොත් ආචාරියයි කිරිල්ලියි දුවනව රෙදි නැතිව... අනාර්ගයි

      Delete
  3. හෙන ගහපියව් මෙය කල මහ රජාට
    මකබෑවියව් පරපුර මෙය කරාට
    දිය වෙනුවට උන්ඩය පෙන්නුවාට
    හැදීගෑවිලා පලයන් මහ රජාව

    ReplyDelete
  4. KAKA NAMIN LIYA ATHI KAI 2 LASSANI. ME ARA ,OYA, EKA EKA EWWA, (KIYANTA BEHE) GENA LIYANA APE MAHA KAKKA THUMA DA?

    ReplyDelete
  5. ටී.වී. එකෙන් පැණි බෙදනා රජානෝ
    පත්තර වලින් තෙල බෙදනා වෙදානෝ
    කොමිස් කුට්ටි මිටි බඳිනා පුතානෝ
    ජනතාවට වෙඩි තබනා එකානෝ

    වතුර ටිකට මිණිමරනා රජානෝ
    රටේ සල්ලි කා දමනා රජානෝ
    ජනතාවට හක පුරවන රජානෝ
    අනේ වාසනාවන් රන් ගොජානෝ

    ReplyDelete