Sunday, November 9, 2014

මහින්දට පුලුවන්



මහින්දට පුලුවන්ද බැරිද කියලා මේ දවස් වල මහා වාදයක් යනවා. ආණ්ඩුක්‍රම ඔස්තාර්ලා , නීති විශාරදලා දෙපැත්ත බෙදිලා ගජරාමෙට වාද කර ගන්නවා.  මේ වෙලාවේ නීතිය ගැන හසල බුද්ධියක් තියෙන , නීති ගරුක පුර වැසියෙක් වන මමත් කල්පනා කළා මේ ගැන මගේ අදහසත් කියන්න ඕනෑ කියලා.

ලංකාවේ විතරක් නොවේ , ඇමෙරිකාවේ ,ප්‍රංශයේ , නයිජීරියාවේ, වැනිසියුලාවේ , පකිස්තානයේ  , ඝානාවේ , තව මියන්මාරයේත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හොඳින් අධ්‍යනය කරපු මම බැහැපු තීරණය තමා මහින්දට පුලුවන් කියන එක. සරත් එන් සිල්වලා , අනුර කුමාරලා මොනවා කිව්වත් ඒක තමා ඇත්ත. පවතින යථාර්ථය සහ උන්ඩුක පුච්ඡය.

බොරුනම් බලන්න ලබන දහ වෙනිදා අපේ ශ්‍රේෂ්ඨාධිකරණයත් මම කියන දේම කියන්නේ නැත්ද කියලා. එතුමලා මටත් වඩා සූක්ෂමව ඔය නීති තර්ක , අර අන්ධ කන්‍යාවිගේ අතේ තියෙන කඩුවෙන් පොතු ගහලා , ‍රැහැලා, පෙති කපලා , ඒ ගෑණු ළමිස්සිගේ අතේ තියෙන තරාදියටම දාලා කිරලා මැනලා කියන්නෙත් මම කිව්ව ටිකම තමා. මෙන්න කැට.  

6 comments:

  1. වික්‍රමභාහූ බොහෝම ලස්සනට කිව්වා.. ඔය ප්‍රශ්ණ දෙක අහලා යවපු ලියමන පිටිපස්සේ උත්තරෙත් ලියලය යැව්වේ කියලා.. උත්තරේ තමයි.."පුළුවන් කියපන්"

    ReplyDelete
  2. ඇත්තටම කියනවානම් මහින්දට පුළුවන්...පුක

    නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්යයෙන් කියලා එවන්නේ 'මහින්දට ඕනෙ පුකක් පුළුවන්' කියලා.

    ReplyDelete
  3. මයින්දට බෑ කියන්නේ දේශද්‍රෝහියෝ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  4. හිහි කව්ද කියන්නෙ මහින්ද ට තුනක් බෑ කියල
    අර උන්නැහේගෙ ගෙදර උන්දැ යස අගේට කියල තිබ්බෙ තුනක් පුලුවං කියල
    ;හිහි

    ReplyDelete
  5. සෙනසුරු මාරු වුනත් රටේ කරුමේ ගෙවිලා ඉවර නැතිනම් මහින්දට පුළුවන්.

    ReplyDelete
  6. මහින්දට කොච්චර දේවල් පුළුවන් උනාද...?

    එහෙව් එකේ මේකත් මහා ලොකු කජ්ජක් ද..?

    ReplyDelete