Thursday, January 15, 2015

පැරදුණේ මං නිසා



 විමල් වීරවංශ, නාන සාර ප්‍රමුඛ බොදු බල සේනාව, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ පමණක් නොව මහින්ද රාජපක්ෂට පවා සැනසුම් සුසුමක් හෙලිය හැකි ප්‍රකාශයක් ඇමෙරිකාවට පලා සිය බැසිල් රාජපක්ෂ කැලිපෝර්නියාවේ ස්වකීය මාලිගාවේ සිට කර තිබේ.

එනම් ජනාධිපතිවරණයේ පරාජයේ වගකීම තමන් භාර ගන්නා බවත් ඒ නිසා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වෙන බවත්ය.

දැන් කවුරුන් හෝ මහින්ද පැරදුනේ විමල්ගේ පඩත්තල කථා නිසා යැයි කියන විට විමල් කල යුත්තේ බැසිල්ගේ ප්‍රකාශයේ පිටපතක් එසේ කියන අයට ලබා දීමයි.

තව කවුරුන් හෝ බොදුබලය නිසා මුස්ලිම් චන්ද මහින්දට අහිමි වීමෙන් ඔහු පරාජය විනැයි කියන්නේ නම් නානසාර කල යුත්තේ බැසිල් උපුටා දැක්වීමයි.

එසේම නාමල්ගේ කාර් රේස් , රගර් හා මොන්ගල් කතා නිසා මහින්ද පැරදුනේයැයි කිව හොත් " අනේ පලයන් බං යන්න ,අපි පැරදුනේ ඒවා නිසා නොවේ, අපේ බාප්පා නිසා යැයි ඔහුටද බය නැතිව කිව හැක.

වෙන එකක් තියා කවුරු හෝ අසමජ්ජාතියෙක් " මහින්ද මහත්තයෝ ඔයා පැරදුනේ ඔයා ගේ බල ලෝභය, පෙරේත කම, ඥාති සංග්‍රහය,ඒකාධිපති වැඩ, මිථ්‍යා විශ්වාස,වංචා දූෂණ, රාජ උමතුවහෝ   දෙමල ජනයාගේ හිස් මතට මෝටාර් හෙලීම   නිසා" යැයි කිව්වොත් මහින්ද රාජපක්ෂ ට පවා ඇමෙරිකාවට වී සුව සේ වෙසෙන තම සහෝදරයා පෙන්වා " මම නෙවේ අන්න බඩු " යැයි කිව හැක.

මෙවන් සහෝදරයෙක් , බාප්පා කෙනෙක් ලැබීම සැබැවින්ම මහා වාසනාවක් නෙවේද?

5 comments:

  1. ඔහොම බාප්පලා හැමෝටම නැත.

    ReplyDelete
  2. මහින්ද පැරදුනේ ඔහුගේ අසීමිත තන්හාව නිසයි . තන්හාව නිසා වස්තුව රැස්කිරීමට සදාකල් බලයේ සිටීමත් , තමාගෙන් පසු තමාගේ අයෙකුටම බලය පවරාගනීමටත් සැලසුම් කිරීම නිසා ඒ සඳහා ඕනෑම ජඩ වැඩක් කිරීමට ඉදිරිපත් වූ නිසාත් ඔහු පරාජය විය , නායකයෙකු සතු ගුණාංග නොවේ ඔහු සතු වුයේ , දක්ෂ නළුවෙකු සතු ගුණාංගය ,.

    ReplyDelete
  3. මේ ඒක නෙවී
    නීතිඥ නාමල් රාජපස්ස විමල් වීරවංසට නඩු දැම්මෙ ඇයි කියල එක ගැන කව්රුත් දන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. නීතිඥ නාමල් රාජපක්ෂ කියන්නේ නාමල් බේබි නෙමේ.ගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්චි කෙනා.

      Delete
  4. පැරදුනේ ඔබ නිසා තමයි... හැබැයි ඔබ නිසා ම විතරක් නොවෙයි...

    ReplyDelete