Tuesday, April 28, 2015

නොවේ එවන් උපවාස ලොවේ

 
අපෙ ලොක්කා ගෙනයන්නට
අල්ලස් කොමිසමට
හිතුවා මදි යහපාලකයෝ
උපවාසයක් කෙරුවෙමු අප
ලොක්කා වෙනුවෙන්
අපිට කන්නට ඉඩ දුන්
අපේම ලොක්කා
අහා කදිමය
නොවේ එවන් උපවාස ලොවේ
රෑට බතට ප්‍රයිඩ් රයිස් , ඩෙවල්ඩ් චිකන්
ආරක්ෂාවට පොලීසියෙන්
විස්කි සමග සෝඩා
කැන්ටිමෙනුයි බයිට් අපිට
රාත්‍රියට කිරි කෝපි
රෝල්ස් පැටිස් කේක් කාලා
බිල ගෙවපන් මහ ජනයා
කාඩ් ගහලා
සිංදු කියලා
බබාලාගෙන් ආතල් ගෙන
නිදාගතිමු පාපිස්සෙ

Sunday, April 26, 2015

ගොම්මන්පිලගේ අමුඩේ


අපේ රටේ විතරක් නෙවේ  කොයි  දේශේ වුනත් දේශප්‍රේමින් කියලා  කියන්නේ රටට, ජාතියට ආදරය කොරන කට්ටියට.

 ඒ ගොල්ලෝ ජාතික ගීයට, ජාතික කොඩියට ,තව තව ජාතික සංකේතවලට හරියට ගරු කරනවා. අපේ රටෙත් එහෙම තමා. පහුගිය දවස් වල ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්න ඉඩ දීම ගැන අපේ දේශප්‍රේමින් නටපු ඩෙඟාව මතකයිනේ.

එහෙම නටපු එක ප්‍රධාන නැට්‍ටුවෙක් තමා උදය ගොම්මන්පිල කියන්නේ. 

හැබැයි එහෙව් ඩෙඟා නටපු ගොම්මන්පිල  ඊයේ පෙරේදා තිබුනු උද්ඝෝෂණයකට ඇන්න ඇවිත් තිබුනේ විකෘති කරපු ජාතික කොඩියක්.  ඒ ගැන එයා කියන්නේ  මාර කතාවක්. තමන්ගේ අතේ තිබුණු ජාතික කොඩිය විකෘති කරපු එකක් කියලා මම දන්නේ නැහැ  කියලා.

කොහොමද දේශප්‍රේමිත්වයේ තරම.  තමන්ගේ රටේ ජාතික කොඩියවත් හරියට අඳුනන්නේ නැති දේශප්‍රේමියොනේ අපේ රටේ ඉන්නේ. 

ඔය සැට් එක එදා එකතු වුනේත් මහා දේශප්‍රේමියෙක් ව අල්ලස් කොමිසමෙන් ගලවා ගන්නනේ. තමන්ගේ රටේ ජාතික කොඩිය අඳුනන එක දේශප්‍රේමියෙක්වත් ඔතැන හිටියේ නැද්ද අම්මපා,

සටහන- මේ සිද්ධිය ගැන ඩලස් අලහප්පෙරුම,  ගොම්මන්පිල ඇතුලුදේශප්‍රේමි තුමාලා  තවදුරටත්  කියා හිටියේ තමන්ගේ අමුඩේ රුන්නේ නොදන්නා පිරිසක් බවයි. 

foto lankaenews

Wednesday, April 22, 2015

2015 අප්‍රේල් 21 වැනි දින සිදූ වූ විශේෂ සිදු වීම්



1. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස්  දීමක් ගැන ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසමට පැමිණෙන මෙන් කළ නියෝගයට එතුමාගේ අනුගාමික මන්ත්‍රීවරුන්ගේ විරෝධය පල වීම.

2. එතුමාගේ පුත්‍රයා හා ප්‍රමුඛ එම මන්ත්‍රී වරුන් පාර්ලිමේන්තුවේ උපවාස කිරීම. හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන,බන්දුල ගුණවර්ධන ඇතුලු පිරිසක් එම උපවාසයට නායකත්වය දීම

3. පාර්ලිමේන්තුවෙන් පිටතදී ත් මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් ඔහුව අල්ලස් කොමිසම ඉදිරියට ගෙන යෑමට එරෙහිව උද්ඝෝෂණය කිරීම. සුධර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ එම උද්ඝෝෂණයට එක් වී සිටීම.

4. මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිසමට නොකැඳවා අල්ලස් කොමිසම ඔහු හමුවට යැවීමට රජයට සිදු වීම

5. අල්ලස් චෝදනා එල්ල වූ දකුණු කොරියාවේ අගමැති වරයා ඉල්ලා අස් වීම

Monday, April 20, 2015

අලි බාබා සහ හොරු හතලිහ


හොරෙක් ඉන්නවා. ඌ හොරා කනවා, මංකොල්ල කනවා, පගා ගහනවා ,කොමිස් ගහනවා, අනුන්ගේ දේපොල පැහැර ගන්නවා,මිනී මරනවා , කප්පම් ගන්නවා , කරන්ට පුලුවන් මරි වැඩ ඔක්කොම කරනවා. තනියෙමත් නෙවේ. තව කම්බ හොරු සැට් එකකුත් එක්ක සෙට් වෙලා. පොලෝසියත් හොරාට බයයි. නොදැක්කා වගේ අහක බලා ගෙන ඉන්නවා.

ඔහොම ටිකක් කල් යන කොට අලුත් ඕ. අයි. සී . මහත්තයෙක් පොලෝසියට ඇවිත් අපේ හොරාට පණිවිඩයක් එවනවා" ඒයි හෙට උදේ පොලිසියට ඇවිත් කට උත්තරයක් දීපන්" කියලා

එතකොට හොරත් එක්ක එකට හොරකමේ ගිය, එකට මං කොල්ල කාපු, කප්පම් ගත්ත හොරු සැට් එකට  මල පැනලා පෙලපාලියක් යනවා "අපේ හොරාට අත නොතබනු "," හොරකමට ඉඩ දෙනු", වගේ සටන් පාට කිය කිය. 

දැන්  පොලෝසිය මොකද කරන්න ඕනෑ

පොඩි හොරුන්ගේ ගෝරනාඩුවට බය වෙලා මහ හොරාට යන්ට දෙනවාද?

නැත්නම් මහ හොරයි පොඩි හොරුයි ඔක්කොම එකට කුද ලාගෙන ගිහින් කූඩුවේ දානවාද?



Sunday, April 19, 2015

සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූයේ ඇයි.?


19 ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා මේ දිනවල  talk of the town  වී ඇත්තේ සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීමේ සිද්ධියයි.

අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීම එක්කෝ ජවිපෙ කියන පරිදි හුදෙක් පෞද්ගලික කාරණාවක් නිසා ම වුවත් විය හැකිය. එනම් අනුර කුමාර සමග හෝ ජවිපෙ වෙනත් නායකයෙක් සමග මල පැන ගත් තීරණයක් වීමට ඉඩ ඇතැයි ඔහුව හඳුනන බොහෝ අය කියති.

එසේ නොමැති නම් සෝමවංශ මහතා  කියන පරිදි  ජවිපෙ ධනපති පක්ෂ සමග කරන ගනුදෙනු ගැන කළ කිරී වෙනම විප්ලවාදි පක්ෂයක් ගොඩ නැගීම සඳහා ඉවත් වූවා යැයි යමෙකුට කියන්නටත් හැකිය. එහෙත් එය එතරම් පිලිගත නොහැකි තර්කයක් වනුයේ සෝමවංශ අමරසිංහ මහතා පසුගිය කාලයේ හැසිරී ඇති අන්දම දෙස බලන විටය.

විමල් වීරවංශ පක්ෂය කඩා ගෙන ගියේ පක්ෂයේ බහුතරය මහින්ද සමග සභාග ආණ්ඩුවකට යාමට විරුද්ධ වීම නිසාය. ඒ අවස්ථාවේ සෝමවංශ සහෝදරයා පැහැදිලි ලෙසම සිටියේ වීරවංශගේ මතයේය.විශේෂයෙන්ම ජවිපෙ සභාගවාදි මගකට ඇදගෙන යාමට මුල් වී ක්‍රියා කලේ සෝමවංශ අමරසිංහ බව කියවේ.

සිදු වීමට ඉඩ ඇති අනික් කාරණය නම් මහින්ද හා වීරවංශ එක් ව ඇටවූ උගුලක අමරසිංහ හසු වීමය. ඔහු පක්ෂයෙන් ඉවත් වීමට තුඩු දුන් තවත් හේතුවක් වශයෙන් මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට රාජ්‍ය විරොධී කුමන්ත්‍රණය ගැන ජවිපෙ හඬක් නොනැගීම ගැන සඳහන් කරන විට සෝමවංශගේ නික්මීම පි‍ටුපස සිටින සැබෑ බලවේග වසං කිරීමේ උත්සාහයක් දෝයි සිතෙන තරමට එය ලාමකය.

මේ මොන කරුණක් මත සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූවත් මහින්ද සහ වීරවංශ සමාගම මේ වන විට ඔහුට කොක්ක ගසා ඇති බවක් නම් පෙනෙන්නට තිබේ . දේශපාලනික වශයෙන් පමණක් නොව සදාචාරත්මක වශයෙන්ද අන්තයටම පිරිහී , පසු ගිය කාලයේ බැසිල් රාජපක්ෂ ලඟ කොන්ත්‍රාත් කරුවකු මෙන් වැඩ කළ හිටපු ජවිපෙ මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල වැන්නෙක් සමගම සාකච්ඡා කිරීමට සෝමවංශ අමරසිංහ ඉදිරිපත් වීම තුලින් ඒ බව මනාව පෙනී යයි.


Thursday, April 16, 2015

වෙලේ සුදා


සී අයි ඩීයෙන් පැනලා ගොහින්දෝ
වාෂ්පයක් සේ  අතුරුදහන් දෝ
යහපාලන වහපාලන වේදෝ
වෙලේ සුදා ඔබ කොතැන ගියාදෝ

දුමියාගේ සල්ලි බලවත් වේදෝ
ආයුද පෙන්නන්නට අරන් ගිහින් දෝ
අනේ සුදා උඹ අමතක වේදෝ
වෙලේ සුදා ඔබ කොතැන ගියාදෝ

Wednesday, April 1, 2015

වතුර බෙදන මහත්තුරු


අනේ සුසානෝ මම කොළඹ යනකොට
කලබලයක්ය  කොල්ලුපිටි හංදියේ
කඳුලු  ගෑස් එක්කම ගිනිරාමේට
වතුර බෙදනවා පොලොසියේ මහත්තුරු

මොකදැයි කියලා වට පිට බලන කොට
පන්දාහක් දෙනවා කියු යහපාලකයෝ
දෙදාස් පන්සීයක්ම කපලා නොකියාම
අපමණ අගයක්ද මේකත් කියාපියෝ

රංචාගොඩ ළමයා