Monday, May 15, 2017

සයිටමයට සිසුන් බඳවා ගැනීම නවතයි





සියලු ප්‍රශ්න විසඳන තෙක් මතබේදයට තුඩු දී ඇති සයිටම්  ආයතනයට නැවත සිසුන් බඳවා ගැනීම නවතන බව ආණ්ඩුව ගරු ගම්බීරාකාරව ශ්‍රී ලංකාවාසි ජනතාවට දැනුම් දී ඇත.

මාරය. මරේ මරුය. ඔන්න අපේ ආණ්ඩුව ... ආයි දෙකක් නැත. නෙවිල් ප්‍රනාන්දුගේ සල්ලි වලට නැවුනේ නැත. කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගෙන ඇත. දැන් අන්තරේ මල්ලිලාටත් , අයියලාටත් වෙන්නේ මොනවා ද කෑ රිලවුන් වගේ ඉන්නටය. ෂෝක්ය.

හැබයි නවක සිසුන් බඳවා නොගන්නට ගත් තීරණයට හේතු වුනු ඇත්තම කාරණාවත් කිව්වා නම්  සුපිරිය.

එනම්.... කිරිඇල්ලලා, රාජිතලා, රත්නප්‍රියලා, වියන්ගොඩලා, අජිත් පැරකුම්ලා කොච්චර කයිය ගැහුවත් ...

සයිටමයට අලුතෙන් ඇතුල් වීමට සිසුන්  අයදුම් නොකිරීමය. ඉතින් ඔයි ළමයි ඔය මගුලට ඇතුල් වෙන්න ඉල්ලන්නේ නැත්නම්, බලෙන් දාන්නය? බඳවා ගැනීම නවත්තනවා කියනවා මිස.

5 comments:

  1. බඳවා ගන්නවා කිව්වත් වැරදියි,බඳවා ගන්නේ නැහැ කිව්වත් වැරදියි.හැම එකේම වැරදි දකින එක වම්මුන්ගේ අනන්‍යතාවක් ද කොහේද?

    ReplyDelete
  2. වම්මුන්ට බනින එක ස්ටයිල් එකක් වෙලා

    ReplyDelete
  3. හෙ හේ ඒකත් එහෙමද

    ReplyDelete
  4. මාළඹේ සයිටම් 1 රජයට පවරා වෙන්නප්පුවේ සයිටම් 2 විවෘත කිරීම. අවුල්ද?

    ReplyDelete