Saturday, July 8, 2017

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මිථ්‍යාව හා සත්‍යය



පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යනු එක් අයෙක් හෝ පිරිසක් විසින් තම මුදල යොදවා පවත්වාගෙන යනු ලබන ආයතනයි. මේවා වර්ග දෙකකි.

1.ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ආයතන- ඉන්දියාව, බංග්ලා දේශය, නේපාලය, පකිස්ථානය වැනි රටවල බහුලව ඇත.

2.ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ඇති රටවල්- ඇ.එ.ජ, එංගලන්තය, ඕස්ට්‍රේලියාව


සෞඛ්‍ය සේවය හා  පෞද්ගලික වෛද්‍ය  අධ්‍යාපනය හා   පිළිබඳ පවතින පොදු දුර්මත

  1.   ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාකර ඇත
   2.  අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
   3.  ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතී.
  4.   වැඩිපුර වෛද්‍යවරුන් සිටීම වාසිදායක වේ.
   5. අනෙකුත් ක්ෂේත්‍ර ද පෞද්ගලිකකරණය වී තිබෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය ද එසේ විය යුතුය.
   6.  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටක ආර්ථිකයට වාසිදායක වේ.

 මෙම කරුණු එකින් එක විමසා බලමු.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාකර ඇත. 

- සාමාන්‍යයෙන්, එක් වසරකදී උසස් පෙළ විභාගයට කළා අංශයෙන් පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 70,000 ක් පමණ විභාගය සමත් වේ.
 -ඉන් සිසුන් 7000 ක් පමණ ,එනම්, කළා අංශයෙන් උසස් පෙළ සමත්වන්නන් අතරින් 10% ක් පමණක් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගනී. 
-සාමාන්‍යයෙන්, වසරකදී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගය සමත්වන්නන් ගණන 21,000 ක් පමණ වේ.
-ඉන් ආසන්න වශයෙන් 7000 ක් පමණ, එනම් 33%  විශ්ව විද්‍යාලයට ඇතුළු කරගැනීම සිදුවේ.
-වසරකදී වෛද්‍ය විද්‍යාල වලට බඳවාගන්නා සිසුන් ගණන ආසන්න වශයෙන් 1325 ක් පමණ වේ.
-එනම් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමතුන්ගෙන් 6.3% කට පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව ලැබේ.
-එසේ  නම් සැබැවින්ම, විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට පවතින අවස්ථා සීමා වී ඇත්තේ, ජීව විද්‍යා අංශයට වඩා කළා අංශය තුළය.
-මෙතරම් විශාල සිසුන් සංඛ්‍යාවක් කළා අංශය තෝරාගන්නේ, ශ්‍රී ලංකාව තුළ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබාගත හැකි පාසල් ගණන සහ පහසුකම් අඩුවීම හේතුවෙනි.කළ යුත්තේ එම පහසු කම් දියුණු කිරීමයි.

-එසේම  වසරකදී ජීව විද්‍යා අංශයෙන් B සාමාර්ථ 3 ක් හෝ එයට වැඩි ප්‍රතිඵල ලබාගන්නා සිසුන් සංඛ්‍යාව 2388 ක් පමණ වන අතර එයින් ආසන්න වශයෙන් 55% ක් පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලබයි.
-නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අනෙක් සෞඛ්‍යය ආශ්‍රිත උපාධි පාඨමාළා වලට ඇතුළු වන්නේ ආසන්න වශයෙන් 700 ක් පමණි.  ඇතැම්  උපාධි පාඨමාලා වලට සිසුන් ඇතුළත් වන්නේ නැති තරම්ය.


- ලෝකයේ දියුණු රටවල ශ්‍රී ලංකාවටත් වඩා වෛද්‍ය අධ්‍යාපනයට පිවිසීමට ඇති අවස්ථා සීමිත වේ.
-එක්සත් රාජධානිය තුළ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම සඳහා අවම සුදුසුකම වන්නේ උසස් පෙළ A  3 ක් ලබාගැනීමය. A  3 ක් ලබාගත් අයගෙන් ද වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලැබෙන්නේ 5 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි.
- එක්සත් රාජධානියේ ඇති හොඳම විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇතුළු විය හැක්කේ උසස් පෙළ A  3 ක් ලබාගත් අය 17 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි.
- ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අවම සුදුසුකම් ලැබූවන්ගෙන් පාඨමාළාව සඳහා තෝරාගන්නේ ආසන්න වශයෙන් 2% ක් (7000 කින් 165 ක්) පමණි.


  අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
 
 වෛද්‍ය අධ්‍යාපනය ට ‍තෝරාගැනීම සඳහා  උසස් පෙළ විභාගය ඉතාමත් සුදුසු නිර්ණායකයක් බව පෙන්වන කරුණු තුනක් පහත දැක්වේ.
සංජානන හැකියාව - මෙය මැන බලන්නේ අසීරුතා දර්ශකයෙනි. 2015 උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් නියමිත පරාසය තුල පිහිටා තිබුණි.

උසස්  අන්තර්ගතය-උසස් පෙළ විෂය නිර්දේශය  සිසුන්ට අනාගත වෛද්‍ය අධ්‍යාපනයට අවශ්‍ය විෂය  කරුණු, අදහස් සහ න්‍යායන්  රාශියක් සිසුන්ට ලබා දෙයි.

අභිප්‍රේරණය හා පෞරුෂය- උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබා ගැනීමට ඉහළ  කැපවීම, පෞරුෂත්වය හා ආකල්ප, අවශ්‍ය අතර ඒවා වෛද්‍ය විදුහලේ අධ්‍යාපනය සඳහාද ඉතා වැදගත්ය.

තේරීම් පරීක්ෂණයක  වලංගුබාවය එහි පුරෝකථනාත්මක අගය මගින් මනිනු ලබයි.

සම්මුඛ පරීක්ෂණ, කුසලතා පරීක්ෂණය සහ නිර්දේශ ලිපි වැනි ක්‍රමවලට  සාපේක්ෂව වෛද්‍ය විද්‍යාලය තුල සිසුන්ගේ ක්‍රියාකරිත්වයේ  හොඳම පුරෝකථකයා ලෙස තේරීම්  විභාග වලදී  ලබා ගත්  ශාස්ත්‍රීය  කුසලතා පෙන්නුම් කරන බව ලොව පුරා සාක්ෂි පෙන්නුම් කරයි

 එක්සත් රාජධානිය තුළ සිදුකරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ උසස් පෙළ ජීව විද්‍යා විභාගයේ ප්‍රතිඵල සමග වෛද්‍ය පීඨයකදී සිසුවෙකු දක්වන කුසලතාවය සමානුපාතික වන බවයි. එනම්, ඉහළ කුසලතා ඇති ගුණාත්මක වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා තෝරාගත යුත්තේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළ ප්‍රතිඵල ඇති සිසුන් බවයි.

 විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා වූ සාධාරණ තේරීම් ක්‍රමයක් අපට තිබේද?

 උසස් අධ්‍යාපන සඳහා වන ප්‍රවේශ ක්‍රම  පදනම් විය යුත්තේ කුසලතාව හා සාධාරණත්වය මතයි "
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 26.1 වගන්තිය ~

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය එවන් සාධාරණ ප්‍රවේශක්‍රමයක් සඳහා වූ අනගි උත්සාහයකි.බොහෝ බරපතළ සීමාවන් තිබියදීත්, දිස්ත්‍රික් කෝටා ක්‍රමය සරසවි ප්‍රවේශය සඳහා වන සෑහෙන තරම් සාධාරණ ක්‍රමයක් බව පෙනේ.



මන්නාරම, මුලතිව් සහ මොණරාගල වැනි අධ්‍යාපනික සම්පත් හීන ප්දිස්ත්‍රික්කවලිනුත් කුසලතා මට්ටම පමණක් සලකා සරසවි ප්‍රවේශය සිදු කළහොත් වෛද්‍ය අධ්‍යාපන සඳහා එක සිසුවෙකුවත් නොතේරෙණු ඇති අතර එය  එම ප්‍රදේශවල අඩු සම්පත් හා පහසුකම් යටතේ ඉගෙන ගන්නා සිසුන්ට කරනු ලබන අසාධාරණයකි.
තවද, දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ඇතුළු වන වෛද්‍ය සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වුවද, වෛද්‍ය විද්‍යාලයේදී සමාන පහසුකම් ඇතිව ඉගෙනගන්නා විට ඔවුන්ගේ කුසලතාවයන් බොහෝදුරට සමාන බව ද පෙනී යන කාරණයකි.

 පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ශ්‍රී ලංකාවට නුසුදුසු වන්නේ ඇයි?

  ශ්‍රී ලංකාව ලෝකයේ පවතින වෙනත් රටවල් අතරින් සුවිශේෂී තැනක් අයත්කර ගැනීමට හේතුවී ඇත්තේ, රටට මහඟු දායාදයන් දෙකක් වූ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයයි.
 ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශක අනුව දකුණු ආසියාවේ පළමු ස්ථානය සහ ලෝකයේම රටවල් 190 ක් අතරින් 76 වන ස්ථානය අයත්කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
 නමුත්, ශ්‍රී ලංකාවේ ඇත්තේ  රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 8 ක් මගින් පමණි.
 ඉන්දියාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 217 ක් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 249 ක් පවතී. නමුත්, සෞඛ්‍ය  දර්ශක වලට අනුව ඉන්දියාවට අයත්ව ඇත්තේ දකුණු ආසියාවේ තුන්වන ස්ථානය සහ ලෝකයෙන් 112 වන ස්ථානයයි.
එසේ නම්, අප කලයුත්තේ පෞද්ගලික අධ්‍යාපනය වැලඳ ගැනීමද, අප සතු ගුණාත්මක නිදහස් අධ්‍යාපනය ‍රැක ගැනීමද?
තීරණය ඔබ සතුය.
 
ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවාද?

දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන් 25,600 ක් පමණ
එයින් 70% ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරයි.
එමනිසා, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් පුද්ගලයන් 1000 කට එක් වෛද්‍යවරයෙක් බැගින් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද රටක පැවතිය යුතු වෛද්‍ය-ජනගහණ අනුපාතයක් පිළිබඳව ප්‍රකාශයට පත්කර නැත. නමුත්, යම් රටක පැවතිය යුතු සහ පවතින වෛද්‍ය-ජනගහණ අනුපාතය සාධක කිහිපයක් මත රඳා පවතී. ඒවා නම්:

  • රටේ පවතින සෞඛ්‍ය සේවා පද්ධතියේ ස්වභාවය සහ එහි කාර්‍ය මණ්ඩලය වැඩිකිරීමට ඇති හැකියාව
  • රටේ පවතින ආර්ථිකය සහ ආර්ථික වර්ධන වේගය
  • රටේ පවතින රෝග වල ස්වභාවය
කෙසේ නමුත්, ලෝකයේ අනෙක් රටවල් සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව, වෛද්‍යවරු හිඟයක් පවතින රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර නැත.


වෛද්‍යවරුන් වැඩිපුර සිටීමෙන් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිවෙනවාද?
  වෛද්‍යවරුන්, හෙදියන්, භෞත චිකිත්සකයන් වැනි සේවා ගණ අතර අනුපාතය නිසි ප්‍රමාණයට වඩා වෙනස් ව පවතී. දැනටත් එක් වෛද්‍යවරයෙකුට සිටින්නේ හෙදියන් දෙදෙනෙකු බැගින්ය. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත අගයට වඩා බෙහෙවින් අඩු අගයකි.

 වෛද්‍යවරුන්ට සාපේක්ෂව හෙද  සහ අනෙකුත් සම සෞඛ්‍ය සේවා ගණ වල විශාල හිඟයක් පවතී. එමනිසා, දැනට සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාවට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය වැඩිකර ගතයුතු ය. සෞඛ්‍ය සේවය වැඩිදියුණු කලයුත්තේ සමස්ථයක් වශයෙන් ගෙන මිස, වෛද්‍යවරුන් සංඛ්‍යාව පමණක් ඉහළ දැමීමෙන් නොවේ.


අනෙකුත් ක්ෂේත්‍ර පෞද්ගලිකකරණයට ලක්වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය විය යුතුද?

  අධ්‍යාපනය පෞද්ගලිකකරණය වීමේදී ඇතිවන තරඟකාරීත්වයත් සමග එහි ගුණාත්මකභාවය රඳවාගැනීම සිදු නොවන අතර, ඉන්දියාව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම නිසා සිදුකරගෙන ඇති අනර්ථය එයට හොඳම නිදසුනකි.
සැබැවින්ම, වෛද්‍ය අධ්‍යාපනය යන්න අනෙක් පාඨමාළා වලින් හාත්පසින්ම වෙනස් දෙයකි. එය ගණුදෙනු කරන්නේ මිනිස් ජීවිත  සමගය.  එමනිසා, එහි ගුණාත්මකභාවය රඳාපැවතීම සඳහා උසස් සායනික පුහුණුවක්, න්‍යාය දැනුමක්, සහ ඉහළ කුසලතාවයක් අවශ්‍ය වේ.

එබැවින්, වෛද්‍ය අධ්‍යාපනය යනු සංකීර්ණ ක්‍රියාදාමයක් වන අතර, එහි සායනික පුහුණුවෙන් 95% ක් පමණ සිදුවන්නේ රජයේ රෝහල් වල වාට්ටු තුළදීය. එමෙන්ම, ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ ඉතාම වැදගත් අංගයක් වන රෝග වැළැක්වීමේ සත්කාර (Preventive healthcare) මුළුමනින්ම පාහේ සිදුවන්නේ රාජ්‍ය සෞඛ්‍ය ආයතන හරහා පමණි.
පෞද්ගලික ව්‍යාපාරයකට, පුද්ගලයෙකුට, හෝ පෞද්ගලික ආයතනයකට එසේ ඉහළ මට්ටමක ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම ඉතාම අපහසුය.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැලකීමේදී, ඉහළ ලාභයක් සහ ඉහළ ගුණාත්මකභාවය යන දෙකම එකවර පවත්වා ගත නොහැක. මක්නිසාද, ඉන් එකක තත්ත්වය ඉහළට යනවිට අනෙක පහත් තත්ත්වයකට ඇදවැටීම නිතැතින්ම සිදුවන දෙයකි.

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.



ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත.



සැබැවින්ම, ශ්‍රී ලංකාවේ පවතින පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ නිර්දේශිත අවම ගුණාංග පිළිබඳ විශ්වාසනීය තොරතුරු නොමැතිය. එමෙන්ම, පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සහ නිර්ණය කිරීම සඳහා සාර්ථක යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ නොමැතිය.
 ඇතැම් අය පවසන ආකාරයට, ලෝකයේ ඉහළ පෙලේ වෛද්‍ය විද්‍යාල වල ශාඛාවන් ශ්‍රී ලංකාවේ විවෘත කල පමණින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය දියුණු වේද? ඔවුන්ගේ මව් විශ්ව විද්‍යාලයේ පවතින ප්‍රමිතිය, එයට අනුබද්ධ මෙරට පවතින ශාඛාවේද එලෙසම පවතින බවට කිසිඳු සහතිකයක් කිසිවෙකුට දිය නොහැක.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ පරිපාලනමය පසුබිමේ පවතින දූෂණ, අතපෙවීම්, සහ බලපෑම් කිරීම් හමුවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක ප්‍රමිතියට සිදුවන බලපෑම කෙසේ වේදැයි ඔබට වැටහෙනු ඇත. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට අසල්වැසි ඉන්දියාව ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් එරටට අත්වී ඇති ඉරණම මදක් විමසා බැලීමෙන් එය මනාව වටහාගත හැක.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වේද?

ඇතැම් අය පවසන ආකාරයට, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් විය හැක.  සමහර දේශපාලකයන් සහ විද්වතුන්, වෛද්‍යවරුන් වැඩිපුර නිෂ්පාදනය කර පිටරට යැවීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයීමට හැකියාව ඇතැයි මතයක් ප්‍රචාරය කරමින් සිටියි.

සැබැවින්ම, ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහිකිරීම යනු විශාල පිරිවැයක් දැරීමට සිදුවන ක්‍රියාවලියකි. එමනිසා, වෛද්‍යවරුන් හුදෙක් පිටරට යැවීමෙන් පමණක් විදේශ විනිමය ඉපැයීමට බලාපොරොත්තු වීම සාර්ථක  ක්‍රියාවලියක් නොවේ.

එවැනි ක්‍රියාවලියකින් සිදුවිය හැකි තවත් අනර්ථයක් වන්නේ බුද්ධි ගලනය (Brain drain) හෙවත්, රටේ බුද්ධිමතුන් විදේශයන්ට ඇදීයාම බැවින්, වෛද්‍යවරුන් පිටරට යැවීම ආර්ථික වශයෙන් ලාභදායී ක්‍රමවේදයක් ලෙස සැලකිය නොහැක.

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම, රටේ මුදල් විදේශයන්ට ඇදීයාම වැළැක්වීමට හොඳ පිළියමක් බව  ඇතැම් දේශපාලකයන්ගේ මතයයි.

රටක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීම අඩුකරගත හැකිබවට උපකල්පනය කිරීම නිවැරදි නොවන බවට හොඳම උදාහරණය ඉන්දියාවයි. ඉන්දියාව යනු ලෝකයේ වැඩිම පෞද්ගලික සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පවතින රටයි. නමුත්, ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් විදේශගත වන රට වන්නේ ද ඉන්දියාවයි. එය ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය සලකා බැලීමෙන් වටහාගත හැක.



පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමෙන් විදේශ සිසුන් ආකර්ශණය කරගෙන විදේශ විනිමය ඉපැයීමට හැකි බව තවත් මතයකි. විදෙස් සිසුන් යම් රටකට ආකර්ශණය වීම සඳහා සාධක ගණනාවක් බලපාන බව පෙනේ. එනම්:
  • රටක පවතින තත්ත්වය සහ පහසුකම්
  • අදාළ උපාධියට ලෝකයේ පවතින පිළිගැනීම
  • වෛද්‍ය විද්‍යාලයේ ස්ථාවරත්වය
  • උපාධිය ලබාගැනීමට අවශ්‍ය පිරිවැය
ඉහත කරුණු සලකා බැලීමේදී, දේශීය ආයෝජකයන්ට ඉහත සාධක ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමට නොහැකි බව පෙනේ.

විදේශීය ආයෝජකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාල වලට දේශීය සිසුන් ආකර්ශණය කරගැනීමය. මක්නිසාද, ඔවුන්ට අවශ්‍ය වන්නේ විදෙස් සිසුන් ආකර්ශණය කරගැනීමට නම්, ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ඔවුන්ට සැබෑ අවශ්‍යතාවයක් ඇති නොවේ. මක්නිසාද, ඔවුන්ගේ පවතින වෛද්‍ය විද්‍යාල වලට දැනටමත් ඒ හැකියාව පවතී.

සැබැවින්ම, ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද? බුද්ධිමත්ව මදක් සිතන්න.



17 comments:

  1. මේ ලිපිය ගුණාත්මක භාවයෙන් අඩු නැඹුරුතාවයකින් යුතුව කැමති දත්ත පෙන්නමින් අකමැති දත්ත සඟවමින් ලියු එකක්. පළමු වාක්‍යයේ සිටම මේ ලිපියේ අඩු ගුණාත්මක භාවය ප්‍රදර්ශනය කරනවා.

    1.
    මාතෘකාව: ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයිද?
    පළමු වාක්‍යය: ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යන සංකල්පය ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත.

    මෙය හිත මතා පැටලවීමක්. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සහ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන දෙක එකට මුලින්ම පටලවනවා. මොහු එතැනින්ම කරන්නේ වංචාවක් බව පේනවා.

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුනත් එකයි නැතත් එකයි. නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය තිබෙන අතරේම උපාධි පාඨමාලාවේ ගාස්තුව පුද්ගලිකව තමන් විසින් දරමින් වෛද්‍ය අධ්‍යාපනය ලබන්න අවස්ථාව තිබීමයි අවශ්‍යද කියන එකයි මෙතන කතා කල යුත්තේ. හැබැයි එක කතා කරන්න ගියොත් පහල වගු වල තිබෙන කතාව පුස්සක් වෙනවා. මොකද ඔය වගුවල තිබෙන බොහොමයක් රටවල රාජ්‍ය විශ්විද්‍යාලවල පවා වෛද්‍ය අධ්‍යාපනය සඳහා පාඨමාලාවේ ගාස්තුව ශිෂ්‍යයා දරන්න ඕනේ.

    සයිටම් හි ගැටලුව පුද්ගලික අංශයට අයිති වීම නම් සයිටම් ඔහොම තියෙද්දීම අර්ධරාජ්‍ය බවට පත්කලාම ඉවරයිනේ. දැනටත් තනි පුද්ගලික අයිතය කොටස් වෙළඳ පොලට මුදාහැරීමට ඔවුන් එකඟ වෙලා තිබෙනවා නේ.

    2. සෞඛ්‍ය ක්ෂේස්තරයේ ගුණාත්මක භාවය ගැන වගු දෙකෙහි දත්ත තෝරාගැනීම වංචනික මවාපෑමක් සඳහා කල එකක්. පහල වගුවේ තිබෙන්නේ දියුණු වෙමින් පවතින රටවල්. 11-76 දක්වා එක වගුවකටත් 112-150 දක්වා තවත් වගුවකටත් බෙදීම විහිළුවක්. ඉහල වගුවේ තිබෙන රටවල සෞක්‍ය සේවයට පමණක් නොවෙයි, ඇටෙන්ඩන්ට්ගේ සිට කන්සල්ටන්ට්/ප්‍රොෆෙසර් දක්වා ආකල්ප වලට අලගු තියන්නවත් ලංකාවට බැහැ.

    ඉන්දිකගේ ලිපිය අවශ්‍ය තැන්වලින් අවශ්‍ය කොටස් තෝරාගනිමින් ගොතාගතිපු "විමල් වීරවංශ" පන්නයේ ලාභ දේශපාලන කතාවක් මිසක් මහාචාර්යවරයෙකුට තරම්වෙන ලිපියක් නෙවෙයි :D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. What are the names of two private medical colleges in Australia?

    ReplyDelete
  4. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය

    ඉතා කණගාටුදායක කරුණක් වන්නේ ඉන්දික කරුණාතිලක විසින් ඉහත ලිපිය සම්පාදනය කිරීමේදී ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුගෙන් අපේක්ෂා කෙරෙන අපක්ෂපාතීත්වය හෝ ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය ගැන සැලකිලිමත් වී නොතිබීමයි. අදාළ ලිපිය පෞද්ගලික සටහනක් වූවානම් මෙය විශාල ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලිපිය සමඟ ලේඛකයාගේ තනතුරු නාමය, උපාධි හා ඩිප්ලෝමා සහතික හා වෘත්තීය සංවිධාන වල සාමාජිකත්ව ආදිය පිළිබඳ තොරතුරුද පළකර තිබීමත් ලිපියේ අන්තර්ගතය ඔහුගේ විෂය ක්ෂේත්‍රයට අදාළ වූවක් වීමත් තුළ ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකු සතු විය යුතු මූලික ගුණාංග ලිපියෙන් පිළිබිබු නොවීම ප්‍රශ්නයකි.

    http://economatta.blogspot.com/2017/07/blog-post.html

    ReplyDelete
  5. කලාමැදිරියා පිළිබඳ පවතින පොදු දුර්මත.
    1.  මෙම ලිපිය මීට වසර 06 කට කලින් ලියන්නට හිටියත් නොලිවුවේ ඒ කාලේ මේ වැඩේ අවුලක් නැති නිසාය
    2. ගොඩක් සල්ලි තියෙන එවුන් මෙහේ MBBS ගන්න එක අවුල් උනත් ගොඩාක් ගොඩාක් ගොඩාක් සල්ලි තියෙන එවුන් රට ගිහින් ගන්න එකට නම් මොකුත් කියන්න බැරිය.
    3. කලාමැදිරියා දන්නා තරමින් බටහිර රටවල රාජ්‍ය වෛද්‍ය පීඨ සල්ලි ගන්නේ නැත
    4. සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අඩු රටවලින් අරන් එන උපාදිය කමක් නැත. foreign නේ.අවුලක් නැනේ
    5. සෞඛ්‍ය වුනත් doctors ලට කෙලවෙන්නේ නැතුව private උනාට අවුලක් නෑ වගෙය. (වෛද්‍යවරුන් වැඩිපුර සිටීමෙන් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිවෙනවාද? ජේදය අවබෝධයෙන් කියවන්න)

    කවුරුහරි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැලකීමේදී, ඉහළ ලාභයක් සහ ඉහළ ගුණාත්මකභාවය යන දෙකම එකවර පවත්වා ගන්නවානම් ඒත් එපාද. හා දැන් මොකද කියන්නේ

    ReplyDelete
    Replies
    1. 6.සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම ගැන 01 සිට 76 දක්වා සේරම රටවල තොරතුරු තිබුනේ නැත. තිබුනේ මට ඕනි රටවල් ටිකම පමණි

      Delete
    2. 7. සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම chart එකේ කලාමැදිරියාට මග අරුණු රටවල් වල රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ තියෙන්නට නැතුව ඇත

      Delete
    3. 8.කලාමැදිරියා යනු පිළිතුරු නොදී පලා යන්නෙක් නොවෙන අතර නෙවිල් ප්‍රනාන්දු ට කඩේ යනවා වගේ ගොන් කතා කියා මග හරින්නෙක් ද නොවේ

      Delete
  6. අන්තරේ කැඳවුම්කරු හිරේට ගියේ ත්‍රස්තවාදී වැඩ කරන්ට ගිහිල්ලනේ.
    ඒක ඌ බලාගනිවී. කලාමදිරියා කලබල වෙන්ට නාකයි.
    ඕනේ නං අර ඕස්ට්‍රේලියාවේ ඉන්න වෙන්ට ලෙනින් වගේ ඉන්න එක්කෙනාගෙන් පොඩි ගතම් එකක් ඉල්ලගන්ට දැන් ලහිරුවත් ඇතුලේ එකේ.
    එතකොට කලාමදිරියාටත් ප්‍රාඩෝ කොහොම උනත් අඩු ගානේ පරණ ත්‍රිවිල් එකක් වත් ගන්ට බැරිය.

    හැබැයි කොහොම උනත් මේ ඔරිජිනල් ආටිකල් එක ලිව්ව වෛද්‍ය මහාචාර්ය තුමා ලංකාවේ වයිද්‍ය අද්යාපනේ තරම බොහොම හොඳට පෙන්නලා තිබෙනවා.
    එතුමාට නොබෙල් තෑග්ග දෙන්ට වටිනවා අතනින් මෙතනිං දත්ත අරගෙන තමන්ගේ මතය ඔප්පුකරන්ට යාම පිළිබඳව.
    බලාගෙන යනකොට අට පාස් විමල් තුමාගෙයි MBBS, MMedEd පාස්කරපු වෛද්‍ය මහාචාර්ය තුමාගෙයි ලොකු වෙනසක් නං පෙනෙන්ට නැහැ වගේ.

    ReplyDelete
  7. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    පොඩි ස්පෑම් පාරක් බ්ලොග් ලියන අය දැනුවත් කරන්න දැම්මේ අවුලක් නැහැනේ

    ReplyDelete
  8. “කවුද මේ නෙවිල් ප්‍රනාන්දු. ඉස්පිරිතාලේ බදු දුන්නද - ණය ගෙව්වද?” • දොස්තර නෙවිල්ගෙන් Mawbima ප්‍රශ්න කරයි.

    ••• Interview by Bharatha Prabhashana Thennakoon

    නෙවිල් ප්‍රනාන්දු. 1931 ඉපදුණු නෙවිල් ප්‍රනාන්දුට දැන් වයස 86යි. හැබැයි එයා හැප්පෙන්නේ අවුරුදු විස්සේ විසි පහේ කොල්ලොත් එක්ක. වයසින් තිස් හතලිස් ගණන් වල ඉන්න බලසම්පන්න වෛද්‍යවරු ඇතුළු සංවිධානත් එක්ක. මොකද්ද මේ ජවය. කවුද මේ නෙවිල්. අපි හම්බුණා.

    1. පොඩි කාලේ ගෙවුණේ කොහොමද?
    අපේ තාත්තා රජයේ සේවකයෙක්. ඒ නිසා අවුරුදු දොළහට ඉස්කෝල දහතුනක ඉගෙන ගත්තා. පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ, අම්බලන්ගොඩ වගේම මහනුවර ධර්මරාජෙත් ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. 1957 දි වෛද්‍යවරයෙක් හැටියට පිටවුණා.
    ඊට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කළා. දේශපාලනයට සම්බන්ධ වුණා. ව්‍යවසායකයෙක් හැටියට විවිධ ක්ෂේත්‍ර වලට යොමු වුණා.

    2. නෙවිල් ප්‍රනාන්දු කියන්නේ ඒ කාලේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්?
    ඒ කාලේ මම තමයි ඒ පළාතේම හිටපු ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු ලාබාලම වෛද්‍යවරයා. 1959 ඉ`දලා අවුරුදු විස්සක් මම පානදුරේ මගේ ක්ලිනික් එකේ වැඩ කළා. ඒ කාලේ මගේ ගාස්තුව රුපියල් දෙකයි ශත පණහයි.

    3. එතනින් පස්සේ?
    හැත්තෑ ගණන් වල මට ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න. මම පානදුරේ සංවිධායක වුණා. ඒ කාලේ පානදුරේ කියන්නේ වාමාංශික ආසනයක්. පානදුරේ සංවිධායක හැටියට හිටියේ ලෙස්ලි ගුණවර්ධන. 77 ඡන්දෙදි වාමාංශික අපේක්ෂක ලෙස්ලි ගුණවර්ධනව වැඩි ඡන්ද දහදාහකින් පරද්දලා මම පානදුරේ මන්ත්‍රී වුණා.

    4. වාමාංශික ආසනයක් වුණු පානදුරේ අනිත් පැත්ත පෙරළුවේ කොහොමද?
    ඕනම රෑක ඕන වෙලාවක කවුරු හරි ඇවිත් කීවොත් ප්‍රතිකාරයක් කියලා සල්ලි හම්බුණත් නැතත් මම ගියා. සමහර තැන් වලට ගිහිං වැඩ ඉවර වුණාම කියනවා සල්ලි නෑ කියලා. මම හිස් අතින්ම ආපහු එනවා. මම අවංකවම මිනිස්සුන්ට සේවය කළා. වෛද්‍යවරයෙක් හැටියට මට ලොකු කීර්තියක් තිබුණා. ඉතිං මම ඡන්දෙට ආපුහාම රතු පාටට තිබුණු පානදුරේ කොළ පාට වුණා.

    5. ඡන්දෙට කීයක් වියදං කළාද?
    මට මුළු ඡන්දෙටම වියදම් වුණේ රුපියල් විසි පන්දාහයි. මුළු කැන්වසින් එකම ගියේ ඩීසල් බැරල් හතරකින්. මගේ වාහන දෙකකින් මම මුළු ආසනේ පුරාම ගියා. ඒ හැමෝටම වගේ නම කියලා කතා කරන්න පුළුවන් දැන හැ`දුනුම්කමක් මට තිබුණා. පෝස්ටර් කටවුට් ගහලා ඒ කාලේ ඡන්ද දිනන්න බෑ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ. ආසනේ මන්ත්‍රී ආසනේට වැඩ කළේ නැත්නම් ඊළ`ග ඡන්දෙදි ජනතාව උත්තර දෙනවා.

    6. 77 මන්ත්‍රී වුණාට මන්ත්‍රීකම වැඩි කාලයක් කරන්න වුණේ නෑ නේද?
    77 අපි බලයට ආවේ ධර්මිෂ්ට සමාජයක් හදනවා කියලානේ. ඒත් ටික කාලයක් යනකොට ඒ පොරොන්දු ඉශ්ඨ නොවෙනකොට වෙන වෙන පාරවල් වල යනකොට මම පාර්ලිමේන්තුවේ රණ්ඩු කළා. ඥානම්ට සාරි ගේන්න දුන්නු පර්මිට් එකට කලිසම් රෙදි ගෙනාවම ලොකු දඩයක් ගැහුවා. ආණ්ඩුව මැදිහත් වෙලා ඒවා නිදහස් කළාට පස්සේ මම ඒක ප්‍රශ්න කළා. ඊට පස්සේ හිටපු ලීගල් ඩ්‍රාෆ්ට්මන්ව තනතුරෙන් ඉවත් කරන එකට විරුද්ධව මම කතා කළා.

    ඊට පස්සේ මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ වෙලාවේත් මම විරුද්ධ වුණා. ආණ්ඩු පක්ෂ රැස්වීමේ තිබුණු ඡන්ද විමසීමේදි මම ඡන්දය නොදී හිටියා. මගේ ල`ග හිටපු මන්ත්‍රීතුමා මගේ අතට තට්ටු කරලා කීවා අත උස්සන්න කියලා. මම මගේ අත ගසා දැම්මා. ජනාධිපති ඡේආර් ජයවර්ධන ඒක දැක්කා. එයා දැනගත්තා මම හරියන මිනිහෙක් නෙවෙයි කියලා.

    ඊට පස්සේ එක එක අවවාද කළා. පණිවිඩ එව්වා. මාව අවනත කරගන්න උත්සාහ කළා.

    contd..

    ReplyDelete
  9. 2.
    7. එතකොට මන්ත්‍රීකම අත්හරින්නේ?
    අච්චුවේලි වල ගුවන්හමුදා භටයෝ කීප දෙනෙක් ඝාතනය වෙලා කොළඹ ගෙනාවා. මම ඒ වෙලාවේ පානදුරේ රැස්වීමක් තියලා කීවා zඡේආර්ට මේක කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා යන්නZ කියලා. මගේ කතාව පත්තරවල ගියා. මේක ගියා zසවුදි අරාබියාZ කියලා පත්තරේක. එතකොට ජනාධිපති ජයවර්ධන හිටියේ සවුදියේ.

    ලංකාවට ආපු ගමං කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා මාව පක්ෂෙන් අයින් කළා. මට උසාවි යනවද නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවවකට මුහුණ දෙනවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න වුණා. මම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තෝරා ගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ඒකෙන් පස්සේ ඡන්ද විමසීමක් තියන්න තීරණය කළා මට විරුද්ධව.

    ජනාධිපති ජයවර්ධනගේ හයෙන් පහේ බලයක් එක්ක ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද විමසීමකට මුහුණ දෙනවා කියන්නේ විහි`ථවක්. ඒ නිසා ඡන්දය ආරම්භ වෙනකොට මම මගේ ඉල්ලා අස්වීම භාර දීලා ගෙදර ගියා.

    8. ඉතිං ඔබ ජේආර් ජයවර්ධන ගැන නොදන්නවා වෙන්න බෑනේ?
    මම විතරක් නෙවෙයි හැමෝම දන්නවා ඡේආර් ජයවර්ධන ගැන...

    9. එතනින් දේශපාලනේ නතර කළාද?
    ඊට පස්සේ මැතිණි මට ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ඒකේ උප ලේකම්වරයෙක් වුණා. මගෙත් එක්ක හිටපු අනිත් උප ලේකම් තමයි මහින්ද රාජපක්ෂ. 94 වෙනකල් ශ්‍රී ලංකා එකේ හිටියා.

    10. ජේආර් සහ සිරිමාවෝ කියන නායකයින් දෙන්නා එක්කම ඔබ වැඩ කළා. කවුද වඩාත් සිත්ගත් නායකයා?
    මැතිණි. උණුවෙන හිතක් තිබුණ කෙනෙක්. හැමෝටම කන්දීලා හැමෝගෙම දේවල් වලට අවස්ථාවක් දෙනවා.

    11. අපි නෙවිල් ප්‍රනාන්දු කියන ව්‍යවසායකයා ගැන කතා කළොත්, ඔබ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරනකොටම ව්‍යාපාර වලටත් අත ගැහුවද?
    මම මුළින්ම කළේ දේපළ වෙළ`දාම්. ඉඩම් අරගෙන ගෙවල් හදලා විකුණුවා. ඒකෙන් හම්බුණු ලාභ වලින් ලක්ෂ නවය හමාරකට ඛෙන්තොට පටන් ගත්තා තරු පංතියේ සංචාරක හෝටලයක්. අක්කර පහක තිබුණු කාමර 31ක හෝටලයක්.

    ඒක දියුණු වීගෙන එනකොට ඒක ලක්ෂ පහළවකට විකුණලා පොල් වත්තක් ගත්තා. හෝටලේ කොටස් අයිතිකාරයින්ට රුපියල් දහයේ කොටසකට රුපියල් පහළව ගාණේ ගෙව්වා. අක්කර හැත්තෑ පහක වත්ත 1972 ගෙනාපු උපරිම ඉඩම් අයිති නීතියෙන් මට අක්කර පණහක් ඉතිරි වෙලා ඉතුරු විසි පහ ආණ්ඩුවට ගත්තා. ඊට පස්සේ මම ඒක විකුණුවා.

    ඊට පස්සේ අසූ ගණන් වල අක්කර විසිතුනක ඉඩමක මම පෝසිලීන් ෆැක්ටරියක් පටන් ගත්තා. හැම තැනම තිබුණේ වෙන වෙනම වැඩ කරන පෝසිලීන් ෆැක්ටරි. මම පටන්ගත්තා එකම තැනක හැම දේම කරන එකක්. ඒකේ පළවෙනි පෝසිලීන් තොගය එක්ස්පෝර්ට් කරාට පස්සේ මගේ කොටස මගේ හවුල්කාරයාට විකුණුවා. මම පටන් ගත්තා ඇඩ්වර්ටයිසින්, ප්‍රින්ටින් කරන්න පු`ථවන් සියලූම පහසුකම් තියන මුද්‍රණාලයක්. දැන් ඒකේ ශාඛා කීපයක් ලෝකේ රටවල් කීපයක තියනවා.

    ඒ වෙනකොට කඩා වැටිලා තිබුණු ආශා සෙන්ට්‍රල් රෝහල මම ගත්තා. ඒක මම දියුණු කළා. 1998 දි පටන් ගත්ත ආශා සෙන්ට්‍රල් එක මිලියන එක්දාස් හයසීයකට විකුණලා සයිටම් එක පටන් ගත්තා.

    12. ඇයි ව්‍යාපාර හද හද විකුණන්නේ?
    මම කැමතියි අලුත් අභියෝග භාරගන්න.

    contd..

    ReplyDelete
  10. 3.
    13. ඔබ ජීවිතේ එක එක වෙලාවේ මහ අමුතු විදිහට දේවල් අත්හැරීම් කරලා තියනවා?
    ඔව්. පටන් ගන්නවා. දියුණු කරනවා. අත්හරිනවා. තව පියවරක් ඉස්සරහට තියනවා. මගේ ජීවිත කාලේ ගොඩක් දේවල් කරන්න පු`ථවන් වුණේ ඒක නිසා. එකම දෙයක් අල්ලගෙන හිටියානම් මේ කිසි දෙයක් කරන්න වෙන්නෑ. කාට වුණත් ඒක පොදුයි. ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි, අත්හැරපු මිනිස්සු.

    14. ලංකාවේ හා හා පුරා කියලා පටන් ගත්ත පුද්ගලික වෛද්‍ය විද්‍යාලයත් අන්තිමේට රජයට ගත්තා. එහෙම තියෙද්දිත් ඇයි ඒ වගේ එකකටම අත ගැහුවේ?
    මගේ පවුලේ ඉන්නවා දොස්තරලා පහළවක් විතර. තව ඉංජිනේරුවෝ පහක් හයක්. ඒ හැමෝම ඉගෙන ගත්ත අය. අපේ දෙමව්පියෝ අපිට හො`දට ඉගැන්නුවා. ඉතිං මට ඕන වුණා අපි ලබා ගත්ත අධ්‍යාපනය තව කෙනෙකුට දෙන්න. මට එහෙම උවමනාවක් තියනකොට තමයි විශ්වා වර්ණපාල ඇමතිතුමා ආරාධනා කළේ ලංකාවේ ව්‍යවසායකයින්ට පුද්ගලික අධ්‍යාපන ආයතන පටන් ගන්න එන්න කියලා.

    15. සයිටම් කියන්නේ සල්ලි ගරන උපාධි කඩයක් නේද?
    දැනටත් සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සීයට තිහක් ඉන්නේ ශිෂ්‍යත්වලාභීන්. මේ වෙනකොට මම දීලා තියනවා මිලියන 550ක් වටිනා ශිෂ්‍යත්ව. ඉගෙන ගන්න කැමති දක්ෂ ළමයින්ට ඒ උවමනාව ඉශ්ඨ කරගන්න උදව් කරනවා. මට සල්ලි වැඩක් නෑ. ආශා සෙන්ට්‍රල් එක විකුණලා ඒ මිලියන 1600 බැංකු පොතක දැම්මාත් මට හො`දට ජීවත් වෙන්න පුළුවන්. මගේ දරුවෝ, මුණුපුරෝ මිණිබිරියෝ හො`දට ඉගෙන ගත්ත අය. ඒ අයට මේ සයිටම් එකෙන් සල්ලි හොයගෙන ජීවත් වෙන්න උවමනා නෑ.

    16. සයිටම් එකට දැන් මොකද වෙන්නේ?
    මේ වෙනකොට වෛද්‍ය උපාධිදාරීන් අනූවක් විතර පිට වෙලා තියනවා. ඊට අමතරව ඉංජිනේරු උපාධිදාරීන් හාරසීයක් පමණ පිටවුණා. ලෝකේ පුරා එයාලා දැන් වැඩ කරනවා. තවත් ළමයි ඉගෙන ගන්නවා. එයාලාත් උපාධිදාරීන් හැටියට පිටවෙයි.
    අද වෙනකොට සයිටම් කියන්නේ ඉතාම ශක්තිමත් විශ්වවිද්‍යාලයක්. මගේ රෝහල ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ගරු සෞඛ්‍ය ඇමතිතුමා යෝජනා කළා වෛද්‍ය පීඨයට ළමයි දෙසීයක් ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා. ඊට පස්සේ පන්සීයක් දක්වා වැඩි කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා එතුමා කීවා. මම බලාපොරොත්තුවෙනවා ඇමතිතුමා යෝජනා කරපු ඉලක්කයට යන්න. ක්‍රමයෙන් සිසුන් සංඛ්‍යාව පන්සීය දක්වා වැඩි කරන්න. පළවෙනි අදියර විදිහට වෛද්‍ය පීඨයට සිසුන් දෙසීයක් සහ ඉංජිනේරු පීඨයට සිසුන් දෙසීයක් බදවාගෙන ඔවුන්ට හො`ද අධ්‍යාපනයක් ලබා දෙන්න මම සැලසුම් කරගෙන යනවා.

    17. ඇයි තමන්ගේ සල්ලි වලින් හදපු රෝහල රජයට දුන්නේ?
    මම කීවා මම ඒක පරිත්‍යාග කරන්නම් කියලා.
    මම ඔය රෝහල පටන් ගත්තේ අපේ ළමයින්ට හෝමාගම රෝහලේදි සායනික පුහුණුව දෙන්න රජයේ වෛද්‍යවරු විරුද්ධ වෙලා එළවාගත්තට පස්සේ. ඒ ළමයින්ට ඉගෙන ගන්න තැනක් ඕනේ. තව ගොඩක් අයට සේවයක් කරන්න පුළුවන්. මම ඉංජිනේරු පීඨය පටන්ගන්න හිතාගෙන පටන්ගත්ත ගොඩනැගිල්ල රෝහලක් කළා.
    ලංකාවේ ලොකුම පුද්ගලික රෝහල තමයි ඇ`දන් 1002ක් තියන නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල. සාමාන්‍ය වාට්ටු, නවීන පහසුකම් වලින් සමන්විත කාමර, රසායනාගාර, ශල්‍යාගාර වගේ හැම දේකින්ම අංගසම්පූර් රෝහලක්.

    18. ඒ කියන්නේ අහම්බයක් වගේ ජීවිතේ පළවෙනි වතාවට අලූත් රෝහලකුත් හැදුවා?
    මම මුළින්ම රෝහලක් හැදුවේ 77 පානදුරේ. කේතුමතී කාන්තා රෝහල. හැබැයි, දැන් සති කීපෙකට කළිං මම පානදුරේ යනකොට ඒ රෝහලේ මට විරුද්ධවම කලූ කොඩි උස්සලා බැනර් එල්ලලා. මම එතන හිටපු අයට ඉතිහාසේ කියලා දීලා ඒවා ගලවලා දාලා ආවා.

    කොළඹින් පිට අදටත් තියන එකම කාන්තා රෝහල. අදටත් ලංකාවේ තියන ඉහළම පහසුකම් සහිත රෝහලක් ඒක. ඒ ගොඩනැගිලි රජයට ප්‍රදානය කරලා තිබුණට වැඩක් අරගෙන තිබුණේ නෑ. මම කීවා මම මන්ත්‍රී වුණාම මේ ගොඩනැගිල්ලේ පූර්ණ පහසුකම් සහිත මාතෘ රෝහලක් හදනවා කියලා. ඉතිං මම ඒ ඡන්ද පොරොන්දුව අනුව ඒ රෝහල හැදුවා. ඒ වෙලාවේ සමහරු යෝජනා කළා ඒ රෝහලට මගේ නම දාන්න කියලා. මම කීවා අනුන්ගේ දේපල වල, අනුන්ගේ සල්ලි වලින් හදපු රෝහල් වලට මගේ නම දාන්නේ නෑ- ඒත් කවදා හරි මගේ සල්ලි වලින් හදපු රෝහලකට මගේ නම දානවා කියලා. මම මගේ වියකමින් හදපු රෝහලට නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියලා නම දැම්මේ ඒ නිසා.

    contd..

    ReplyDelete
  11. 4.
    19. දැන් ගොඩක් අය ප්‍රශ්න කරනවා නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් ගත්ත ණය ගෙවන්නේ කවුද කියන එක. ?
    මම. සම්පූර්ණයෙන්ම මගේ ණය ගෙවන්නේ මම. මම ණය ගන්න බැංකුවට ගිය වෙලාවේ බැංකුව මගෙන් ඇහුවා, මගෙන් පස්සේ කවුද මේ වැඩ කරන්නේ කියලා. මගේ මිනිබිරීට ඒ හැම දේකම වගකීම පවරලා තියෙන්නේ. අපි ගත්ත හැම සතයක්ම වෙලාවට ගෙවලා ඉවර කරනවා.

    20. රෝහලයි සයිටම් ප්‍රශ්නෙයි කියන්නේ දෙකක්. දැන් සයිටම් එකට මොකද වෙන්නේ?
    සයිටම් එක ඉස්සරහට යනවා. රෝහල තමයි සායනික පුහුණුවට හැදුවේ. රෝහලයි සයිටම් එකයි කියන්නේ එකිනෙකට බැ`දුණු එකක්. සයිටම් එකට තමයි රෝහල අයිති වෙලා තිබුණේ. රෝහල රජයට පැවරුවට පස්සේ, රෝගීන් වැඩි වෙනවා. අද සල්ලි ගෙවන රෝහලක් නිසා රෝගීන් එනවා අඩුයි. රජයේ රෝහලක් හැටියට නොමිලේ සේවය සපයනකොට ගොඩක් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබන්න පුළුවන්. ඒක නිදහස් සෞඛ්‍යයටත් විශාල ශක්තියක්.
    ඒ වගේම, අධිවේගී මාර්ග පද්ධතිය දියුණු වෙනකොට අධිවේගී මාර්ගවලින් කොළඹට එන ගිලන්රථ වලට පුළුවන් විනාඩි කීපයකින් මගේ රෝහලට එන්න. දැන් තියන විදිහට කොළඹට යන්න වැඩි වෙලාවක් යනවා. මේ රෝහලෙන් ඒ ප්‍රශ්නේ විසෙ`දනවා. ඒ නිසා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ අරමුණු මුල් කරගෙන මේ රෝහලක් හැටියට පවත්වාගෙන යන්න.

    21. රෝහල රජයට පවරා දීමට එකග වුණා කියන්නේ, ඔබ ටිකක් බය වෙලා අඩියක් පස්සට ගත්තා නෙවෙයිද?
    නෑ. මම කවදාවත් අඩියක් පස්සට තියලා නෑ. මම අඩියක් ඉස්සරහට තිබ්බා. මම මේ දුන්නේ ධානයක්. අපේ පවුල්වල අවුරුදු සිය ගාණක් තිස්සේ ධාන දීලා තියනවා. අපි ධානයක් දුන්නට පස්සේ දුක් වෙන්නේ පසු තැවෙන්නේ නෑ. සන්තෝස වෙනවා. ඒ නිසා මම මේ ලොකූ ධානේ දීලා ගොඩක් සතුටු වෙනවා.

    22. සයිටම් කියන්නේ වෛද්‍ය විද්‍යාලයක් විතරක් නෙවෙයි. ඔබ හිතන්නේ ඇයි මේ වෛද්‍ය උපාධියට විතරක් විරෝධතා?
    ඒක තමයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ තියන කුහකකම. එයාලා බයයි වෛද්‍යවරු වැඩි වැඩියෙන් වෛද්‍ය වෘත්තියට ඇවිත් එයාලගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට පාර වදියි කියලා. ඒක නොකියා වෙන එක එක හේතු කියනවා.

    23. ඔබ ඉගෙන ගත්ත පාසලක් වුණු මහනුවර ධර්මරාජෙම ආදි ශිෂ්‍යයෙක් තමයි අන්තරේ මෙහෙයවන ලහිරු වීරසේකරත්...?
    ඒක හරි අපූරුයි. එක එක්කෙනාගේ දේශපාලන වැඩ වලට ඒ ළමයි උසිගන්නලා තියෙන්නේ.

    (ලහිරුලාට කදුළුගෑස් ගහන පොලීසියභාර පූජිත ජයසුන්දර මහත්තයාත් වගේම බන්ධනාගාරේ ලොක්කෝ කීප දෙනෙක්මත් ඒ ඉස්කෝලෙම ආදිශිෂ්‍යයෝ තමයි. ඒක හරි අපූරුයි තමයි)

    24. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මොකද්ද අදහස?
    අපිට මහ විශාල කර්මාන්ත පටන් ගන්න, නිෂ්පාදන සිදු කරන්න සම්පත් නෑ. තියන සීමිත සම්පත් වලින් ගොඩක් දේවල් කරන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනේ මොලේ විකුණන එක. අපේ ළමයින්ට දැනුම දීලා, ඒ වෙනුවෙන් ආයෝජනය කරලා ඒ දැනුමෙන් අපිට පුළුවන් රට දියුණු කරන්න. මේකට පුද්ගලික අංශය, රජය වගේම පුද්ගලික-රාජ්‍ය මැදිහත්වීමෙන් දේවල් කරන්න ඕනේ.

    25. දැන් ඉතිං ඊළ`ගට මොකද්ද කරන්නේ?
    තව අලුත් වැඩක් පටන් ගන්නවා. ඒක දැන්ම කියන්න කාලේ වැඩියි. බාගයක් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතුරු බාගේ මගේ හිතේ තියනවා. ඒකත් කොහොම හරි කරනවා.

    26. සාමාන්‍යයෙන් මිනිස්සු අවුරුදු 55-60 වෙනකොට විශ්‍රාම යනවා. දැන් ඔබට වයස 86ක්?
    එහෙම හිතන නිසාම තමයි මේ රටවල් පස්සට යන්නේ. අලුතෙන් දේවල් හිතන්නැතුව ඉන්නකොට මොළේ මලකඩ කනවා. මොන අභියෝග ආවත්, මම ජීවිතේ අවසන් මොහොත වෙනකල්ම අලූත් දේවල් කරනවා.

    end

    කලාමැදිරියා, ඔබට සන්තෝසද දැන්?

    ReplyDelete
  12. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් හෝ නෙවිල් ප්‍රනාන්දු විසින් දන්දීමක් සිදුව නැත.සිදුව ඇත්තේ එහි වියදම දරාගත නොහැකිව බංකොළොත් වෙමින් සිටි මේ මහලු කුම්මැහි ධනපතියා බේරාගැනීමට රජය විසින් ඔහුගේ කාර්යමණ්ඩලයට වැටුප් සහ අනෙකුත් පුනරාවර්තන වියදම් පියවීමයි.

    මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් රජය විසින් මාසයකට රු කෝටි 20ක් වැය කරනු ඇත. ඒ සදහා කැබිනට් මණ්ඩලයේ සිටින සෙසු හොරුන්ද අනුමැතිය ලබා දී ඇත. මේ අනුව වසරකට කෝටි 240ක් ද වසර 10 බදු කාලය තුළ කෝටි 2400ක් ද මහජනයාගේ මුදල්වලින් නෙවිල් ප්‍රනාන්දුට ගෙවනු ඇත.

    මේ අතර මේ වසර 10 තුළ සයිටම්ආයතනයේ සිසුන්ගෙන් එකෙකුගෙන් එක් කොටි 20 ලක්ෂය බැගින් අයකරමින් (සෑම වසර 5කටම වරක්ම ඔහු මේ ගාස්තුව දෙගුණ කරයි. 2011 දී සයිටම් සිසු ගාස්තුව 65 ලක්ෂයක් විය. අද එය ලක්ෂ 120කි.) ඔහු සමස්ත ලාභය තම සාක්කුවට දමා ගනු ඇත. මෙහි ඇති විශේෂ දෙයනම් දැනට 86 හැවිරිදි නෙවිල් ප්‍රනාන්දු මිය ගියහොත් මෙම සයිටම් ආයතනය සහ රෝහල තම පුද්ගලික දේපොලක් බවට පත් කර ගැනීමට රාජිත සේනාරත්න විසින් සැලසුම් කර තිබීමයි. ඔහු රජයේ මුදල් මේ සදහා නිර්ලෝභීව වැය කරන්නේ ඒ නිසාය.

    සයිටම් ආයතනයෙන් සිටින සිසුන්ගෙන් වාර්ෂිකව ලැබෙන ආදායම කෝටි 180කි. රජයේ තක්සේරුව අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලෙට මාසිකව කෝටි 20ක් ගෙවීමට සිදු වේ. එනම් වාර්ෂිකව එහි වියදම ඉහත කී පරිදි කෝටි 240කි. සෙසු වියදම් ද ඇතුළුව කෝටි 270ක් වනු ඇත. නෙවිල් ප්‍රනාන්දු සයිටම් සිසුන්ගෙන් අයකරගන්නා ගාස්තු මගින් ඔහුට මේ රෝහලවත් නඩත්තු කරගැනීමට නොහැකි බව පෙනී යයි. වසරකට කෝටි 90ක පමණ හිගයක් ඇත. රාජිත රොහල බදු ගැනීමෙන් කර ඇත්තේ ඔහු බැංකු ණය මුදල ගෙවන තෙක් එහි වියදම රජය මගින් දරා ලාභය නෙවිල්ට ගරාගැනීමට සැළැස්වීමයි. රාජිතට යන කොටස අපි නොදනිමු.

    ReplyDelete
    Replies
    1. රාජිතට යන කොටස කොහොම වෙතත්;
      මේ කළ උදවුවට ලහිරු ප්‍රමුඛ පෙරෙට්ටන්ට, ලප කුමාර සහ ජවිපෙට ඒ අමතරව සිල්ලරට උදවු දුන් කලාමදිරියාට නෙවිල් ප්‍රනාන්දු බොහොම ඉස්තුති කල යුතයි.

      Delete
    2. “රාජිතට යන කොටස කොහොම වෙතත්;
      මේ කළ උදවුවට ලහිරු ප්‍රමුඛ පෙරෙට්ටන්ට, ලප කුමාර සහ ජවිපෙට ඒ අමතරව සිල්ලරට උදවු දුන් කලාමදිරියාට නෙවිල් ප්‍රනාන්දු බොහොම ඉස්තුති කල යුතයි.“

      ලප කුමාරලා සහ ලාල්කාන්තලා යටින් ඩීල් දාලා සටන් දියකරන පොරවල් බව අලුත් දෙයක් නොවෙයි. හැබැයි ලහිරුලාට මඩ ගහන එක කැත වැඩක්. උන් තමන්ගේ අනාගතේ කැප කරලා සටන් කරන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න.
      නෙවිල්ව ගොඩදාන්න මහජන දේපොල අයථා පරිහරණයට ලක්කිරීම සම්බන්ධයෙන් රාජිත සියළු දේපොල රාජසන්තක කොට හිරගෙට දැමිය යුතුයි.

      Delete