Sunday, November 12, 2017

දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද

 
 
ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ
සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ
තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින
කිමද සොයුර සමු ගත්තේ උදෑසන

වපුළ වපුළ බිජුවට ගිනිලන අයුරූ
උතුර උතුර ගැලු ගඟ වියලුන අයුරූ
හබල බිඳුන ඔරුවක තනිවුන සොයුරූ
නිසල සිතින් විඳ ගති ඉදිරියේ මරූ

වරා නොයෙක සම්පත් පුද ඇමැතිවර
දරා අනෙක අවමන් මිහිතලේ බර
ඉරා අඳුර හෙළිකළ මගකි පැහැබර
මරා දැමුණ මුත් නුදුටිමු මළ සිරුර

කඳුලෙන් ඉපිද රුහිරෙන් දිවිමග නිබඳ
ගෙවමින් කටුක දුක් ගිනි වැළැඳුව සබඳ
ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා වුවද
දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද
 
විමුක්ති ගී 
 

5 comments:

  1. එන්න ළමයි, මේ ඡායාරූප කොලාජය වෙනුවෙන් ධර්මන් වික්‍රමරත්නට ස්තුති කරන්න!

    ReplyDelete
  2. ""කිමද සොයුර සමු ගත්තේ උදෑසන""

    අහිංසක මිනිස්සුන්ට බලෙන් සමු දෙන්න ගිය නිසා තමයි ඔය සොයුරන්ටත් සමු ගන්න උනේ!
    පව් අප්පා..

    ReplyDelete